Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ටෙනිස් පිටියේ සත පහකට විශ්වාස කළ නොහැකි කී‍්‍රඩකයකු බව කවුරුත් කියන ප‍්‍රංශයේ ගයිල් මොන්ෆිල්ස් පරදවා අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීම නොම්මර එකේ කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් සමත්විය.
නිව්යෝක් නුවර දැඩි උෂ්ණාධික බවක් තිබුණද මොහොතකින් එය උඩු යටිකුරු කරමින් වර්ෂාව ඇද හැලීමත් නිසා මේ කී‍්‍රඩකයෝ දෙදෙනාම දැඩි වෙහෙසට පත්ව සිටියහ. අන්තිමේදී ජොකෝවික් ලකුණු 6-3 ක්, 6-2 ක්, 3-6 ක් සහ 6-2 ක් ලෙස තරගය ජයගත්තේය.
දැන් ඔහුට අවසන් තරගයේදී හමුවන්නේ ජපානයේ කයි නිෂිකෝරි තරග වට 4 කදී ලකුණු 4-6 ක්, 7-5 ක්, 6-4 ක් සහ 6-2 ක් ලෙස පරාජයට පත්කළ ස්විට්සර්ලන්තයේ ස්ටැන් වර්වින්කාය. වර්වින්කා යනු අන් කවරකු හෝ නෙව, මීට මාස 15 කට පෙර ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජොකෝවික්ට අමතක නොවන පරාජයක් අත්කර දුන් කී‍්‍රඩකයා බව කවුරුත් දනිති.
කෙසේවෙතත් ඊයේ අවසන් පුර්ව තරගය අතරතුර දී ජොකෝවික් සිය ශාරිරික යෝග්‍යතා පුහුණුකරු දෙවතාවක්ම පිටියට කැඳවීමට තරමකට පසුබෑමකට ලක්ව සිටි අතර වරක් සිය වම් උරහිසේ ඇතිවූ ආබාධයක් නිසාත්, පසුව සිය දකුණු උරහිසේ ඇතිවූ ආබාධයක් නිසාත් ඔහුට එසේ කිරිමට සිදුවී තිබිණි. ජොකෝවික් එසේ පසුබෑමකට ලක්ව ශාරිරික යෝග්‍යතා පුහුණුකරුගේ සහය ලබා ගනිද්දී මොන්ෆිල්ස් කළේ කොකා කෝලා බෝතලයක් ඇණවුම් කොට නිදහසේ එය පානය කිරීමයි.
එසේ වුවත් තරගය අතරතුර නම් ජොකෝවික් කිසිදු වේදනාවක් නොපෙන්වීමට වග බලා ගත් අතර සිය සුපුරුදු වේගවත් පහරවලින් මේ ප‍්‍රංශ කාරයා අන්දමන්ද කළේ ඒ මොහොතේ විස්තර විචාරයේ නිරතව සිටි හිටපු විශිෂ්ට කී‍්‍රඩක ජොන් මැකෙන්රෝ ගේද ඉහළ ඇගැයීමට ලක්වෙමිනි.
තමා වෘත්තිය මට්ටමේ කී‍්‍රඩකයකුට තරම් නොවන දුර්වල පහරවල් ගැසූ බවට මැකෙන්රෝ කළ විවේචනය නම් මොන්ෆිල්ස්ගේ සිත් ගත්තේ නැත. කොහොමටත් මේ ප‍්‍රංශ කාරයාගේ කී‍්‍රඩා රටාව බැලූ බැල්මට නම් ඉතා අසාමාන්‍ය එකක් වන අතර ඔහුගේ ඇතැම් ඉරියව් ටෙනිස් කී‍්‍රඩාවෙන් ඔබ්බට ගිය ඒවාය.
”මට ඒක ඇහුනම හරියට දුක හිතුනා..” තරගයෙන් පසුව ඔහු එසේ කීවේ මැකෙන්රෝ ගැනය.
”මේ වගේ ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයෙක් මාව ඒ විදිහට විවේචනය කිරීම ගැන ඉතා දුකයි. ඒ මොකද කිව්වොත් තරගයෙන් පස්සේ මට පුලූවනි ජෝන්ට කියන්න ජෝන් ඔබ දන්නවද මම කී‍්‍රඩා කළේ මගේ උපරිම අයුරින් කියලා”
මැකෙන්රෝට කෙසේවෙතත් තරගයෙන් ජයගත් ජොකෝවික්ට නම් මොන්ෆිල්ස්ගේ කී‍්‍රඩා විලාසය අපබ‍්‍රංසයක් වුයේ නැත.
”ඒක ඔහු කී‍්‍රඩා කරන විදිහ.” ජොකොවික් කියන්නේ එසේය. එය ඔහුට බෙහෙවින් හුරුපුරුදු නිසා ජොකෝවික් සිතමින් සිටියේ ඊළ`ග වටයට පැන ගන්නා හැටි ගැන පමණි.
”ජොකෝවික් හොඳ ආරම්භයක් ගත්තා. මුල් වටයේ දී නම් මට හොඳට පන්දුව පිරිනමන්න බැරි වුණා. ඒත් ලැබුණු අවස්ථාවලදී මම උපරිමයෙන් කළා. ඒ කොයිහැටි වෙතත් මම මටම ආවේනික කී‍්‍රඩා විලාසයෙන් දැමූ උප්පරවැට්ටිවලට ජොකෝවික් අහුවුණේ නැති එකයි පුදුමේ” යයි කී ප‍්‍රංශ කාරයාට ඇති ගැටළුව එයයි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.