Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නෝර්වේ ක්‍රීඩක කැස්පර් රූඩ්ට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී වට 3-0 ක ජයක් වාර්තා කරමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය.
එය ජොකොවික්ගේ 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වූ අතර එම ශූරතාවත් සමග වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හිමිකරුවන්ගේ (පිරිමි) ලැයිස්තුවේ තමා සමග සමව සිටි ස්පාඥ්ඥයේ රෆායල් නඩාල් (ශූරතා 22 යි) පසුකර යෑමටද ජොකොවික්ට හැකිවිය.
අතිශ්‍ය තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 7-6 ක් ලෙස ජයගත් 36 හැවිරිදි ජොකොවික්, දෙවැනි වටයේදී ලකුණු 6-3 ක් ලෙසද, තෙවැනි වටයේදී ලකුණු 7-5 ක් ලෙසද කැස්පර් පරාජය කරමින් සිය තෙවැනි ප්‍රංශ විවෘත ශූරතාවට හිමිකම් කීවේය.
මෙම ශූරතාවත් සමග වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හිමිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ සෙරීනා විලියම්ස් (ශූරතා 23) සමග සම තත්වයට පත්වීමටද ජොකොවික්ට හැකි වූ අතර ශූරතා 24 කට හිමිකම් කියන ඕස්ටේ්‍රලියාවේ මාගරෙට් කෝට් එහිදී ඔවුන් දෙදෙනාට ඉදිරියෙන් සිටින්නීය.
මින් පෙර 2016 සහ 2021 යන වසරවලදීද ප්‍රංශ විවෘත ශූරතාව දිනා ඇති ජොකොවික් මෙවර ජයග්‍රහණයෙන් පසුව කියා සිටියේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක හිමිකිරුවකු වීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් බවය.
“කවදා හරි විම්බල්ඩන් ශූරතාවක් දිනාගෙන ලෝකේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වෙන්න හීන දකිනකොට මගේ වයස අවුරුදු 7 යි. අද මෙතන ඉන්න ලැබීම ගැන මට හුඟක් සතුටුයි. එය මා ලබපු වාසනාවක් කියලා මට හිතෙනවා.” යැයිද එහිදී ජොකොවික් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.