Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික් පළමු කඩුල්ල පනී

ජොකොවික් පළමු කඩුල්ල පනී

editorial - 2021 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු වටයේදී ඩෙන්මාර්කයේ හෝල්ගර් රෑනිට එරෙහිව 3-1 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් අද (1 වැනිදා) සමත් විය.

තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටයේදී නෙදර්ලන්‍තයේ ටැලන් ග්‍රීක්ස්පූර්ට එරෙහිව හෙට (2 වැනිදා) ජොකොවික් යළිත් තරග බිමට පිවිසීමට නියමිතය.

 තවමත් 18 වැනි වියේ පසුවන රෑනිට එරෙහිව පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 6/1 ක් ලෙස ජයගැනිමට ජොකොවික් සමත් විය. එහෙත් දෙවැනි වටයේදී ජොකොවික් සමග කරට කර තරගයක නිතර වූ රෑනි එම වටය ජය ගත්තේ ලකුණු 7-6 ක් ලෙසිනි.

කෙසේ වුවත් සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් දක්ෂ ලෙස යළිත් වරක් තරගයට අවතීර්ණ වූ ජොකොවික් ලකුණු 6/2 ක් සහ 6‍/1 ක් ලෙස තෙවැනි සහ ‍සිවුවැනි වට ජයගනිමින් සමස්ත තරගයේ ජය වට 3-1 ක් ලෙස තමන් සතුකර ගත්තේය. ‍

ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමේ අරමුණින් යුතුව ජොකොවික් මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියට සහභාගි වී සිටියි. ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනා සිටින ජොකොවික්, මෙවර ඇමරිකානු විවෘත ශූරතාවද දිනාගැනීමට සමත් වුවහොත්, ඔහුට එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙම වසරේදී (2021) මෙතෙක් පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි තුනෙහිම ශූරයා බවට පත්වූ ජොකොවික්, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස‍රව් හමුවේ පරාජයට පත්විය.

-036


අදහස් (0)

ජොකොවික් පළමු කඩුල්ල පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.