Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිව්වැනි දිනය ආරම්භයේදීම විනාඩි 20 ක් ඇතුළත කඩුලූ 4 දවාගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 224 කට සීමා කළ ඕස්ටේ‍්‍රලියානුවෝ බි‍්‍රස්බේන් නුවර ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දිනයක් ඉතිරිව තිබියදීම කඩුලූ 4 ක පහසු ජයක් අත්කරගත්තේය.
තරගයේ සිව්වැනි දිනය වූ අද (20 වැනිදා) ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 128 ක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු පිල තේ පානය වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 7 කදී ලකුණු 25 කට කඩුලූ 2 ක් අහිමි කරගත්තේය. එහෙත් කි‍්‍රස් රොජර්ස්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹයට ස්තුති කරමින් වැඩි අසීරුතාවකින් තොරවම ජයග‍්‍රහණයට අවශ්‍ය වූ ඉතිරි ලකුණු 103 ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය.
මෙම තරගය ජයගත් හෙයින් ඕස්ටේ‍්‍රලියානු තරග 4 කින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගය නිමාවේදීම 2-0 කින් පෙරමුණ ගෙන සිටින අතර මෙම තරගාවලියේදී ඉන්දීය පිලට එය අභිබවා යා හැකි තත්ත්වයක්ද නොවේ.
පළමු ඉනිමේදී විශිෂ්ට ශතකයක් ලබාගන්නා අතරේ මිචෙල් ජොන්සන් සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. එහෙත් තරගයේ තරගයේ ගමන් මග වෙනස් කළ කී‍්‍රඩකයා අන් කවරෙකු හෝ නොව මිචෙල් ජොන්සන්ය.
ඉන්දියානුවන් පළමු ඉනිමේදී ලකුණු 408 ක් ලබාගත් නමුත් එය බල රහිත වූයේ මිචෙල් ජොන්සන් පන්දු 93 කදී ලබාගත් ප‍්‍රවේගකාරී ලකුණු 88 ත් ඉන්දීය දෙවැනි ඉනිමේදී පන්දු 16 ක් ඇතුළත දවාගත් කඩුලූ 3 ත්ය.
ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ලකුණු 26 ක් පසුපසින් සිටිමින්, ලකුණු 71 කට කඩුල්ලක් දැවී තිබියදී, ඉන්දීය පිල අද උදෑසන තරගය ආරම්භ කිරීමටත් පෙරම ආරම්භක පිතිකරු ෂිකාර් ධාවන් තුවාල ලබා සිටියේය. ඒ තරගය ඇරඹීමට පෙර පුහුණුවීම් කරමින් සිටියදී දකුණතේ පන්දුවක් වැදීමෙනි.
ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් පිත්තෙන් ලකුණු 88 ක් ලබාගනිමින් තුන්වැනි දිනයේදී තරගයේ රිද්මය වෙනස් කළ මිචෙල් ජොන්සන් අද පෙරවරුවේදී වේගය සහ අනුකම්පාවිරහිත බව කදිමට මුසු කරමින් යැවූ ඕවර 3 කදී විරට් කෝලි (1), අජින්ක්‍යා රහනේ (10) සහ රෝහිත් ෂර්මා (0) පිටියෙන් ඉවත් කළේය. ඊළ`ග ඕවරයේදී ඉන්දීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි (0) ලකුණු ලබාගැනීමට පෙරම ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට කෝඩුකාර ජොස් හේසල්වුඞ් සමත් වීම නිසා විනාඩි 20 ක් ඇතුළත කඩුලූ 4 ක් බිඳ වැටීමෙන් කඩුලූ 1 කට ලකුණු 71 ක්ව තිබූ ඉන්දීය ලකුණු පුවරුව කඩුලූ 5 කට 87 ක් ලෙස කඩා වැටිණ.
පරීක්‍ෂණයක් සඳහා රෝහලට ගිය ෂිකාර් ධවාන්ට සිදුවූයේ 6 වැනි පිතිකරුවා ලෙසින් රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 19 කට දැවී යාමෙන් පසු රෝහලේ සිට නැවතත් පිටියට පිවිසීමටය. පන්දුව වැදීම හේතුවෙන් දකුණතේ මැණික් කටුවේ පිපිරීමක් ඇතිව තිබියදීත් දැඩි චිත්ත ධෛර්යයකින් යුතුව පන්දුවට පහර දුන් ධවාන් පසුපෙළ පිතිකරුවකු වන උමේෂ් යාදව් සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එක් කළ හෙයින් ලකුණු 200 සීමාවෙන් එපිටට පැනගැනීමට ඉන්දියානුවන් හැකිවිය.
නේදන් ලයන් හමුවේ ස්වීප් පහරක් ගැසීමට යාමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් ෂිකාර් ධවාන් ලකුණු 81 කට දැවී යාමෙන් පසු ඉන්දීය ඉනිමට එක්වූයේ තවත් ලකුණු 21 ක් පමණි. එහෙත් පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 97 ක වාසිය නිසා ඕස්ටේ‍්‍රලියානුවෙන්ගේ ඉලක්කය ලකුණු 128 ක් දක්වා පහත වැටිණ.
ගැබා කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් කිරීම සඳහා තමන්ට ලැබුණු තණතීරුවේ පැවැති අසාමාන්‍ය ඉපිළීම හේතුවෙන් තමන්ගේ පිතිකරුවා තුවාල වූ බව ඉන්දීය කණ්ඩායම පසුව කියා සිටියත් ඒ වන විට ඉන්දීය ඉනිම ලකුණු 224 කින් නිමා වී තිබිණ.
ඉන්දියාව - පළමු ඉනිම 408
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 505
ඉන්දියාව - දෙැවනි ඉනිම 224
(මුරලි විජේ 27, ෂිකාර් ධාවන් 81, චෙටේස්වාර් පුජාරා 43, අජින්ක්‍යා රහනේ 10, රවිචන්ද්‍රන් අශ්වින් 19, උමේෂ් යාදව් 30, මිචෙල් ජොන්සන් 61/4, ජොස් හේසල්වුඞ් 74/2, මිචෙල් ස්ටාක් 27/2, නේතන් ලයන් 33/2)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 130
(කි‍්‍රස් රොජර්ස් 55, ස්ටීවන් ස්මිත් 28, ෂෝන් මාෂ් 17, ඉෂාන්ත් ෂර්මා 38/3, උමේෂ් යාදව් 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.