Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාවල ජනාධිපති විදුහලේ රුවන්සා වීරක්කොඩි අද (8 වැනිදා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී වසර 23ක් පැරැණි තරග වාර්තාවක් බිඳහෙලීමට සමත් වුවාය.
වයස අවුරුදු 13න් පහළ බාලිකා දුරපැනීමේ ඉසව්ව මීටර 4.88 කින් නිමකිරීමට රුවන්සා වීරක්කොඩි සමත් වූ අතර ඒ අනුව 1994 වසරේ සිට මාතර සුජාතා බාලිකා විදුහලේ යසාරා නුදිතානි සිල්වා සතුව තිබූ මීටර 4.83 වාර්තාව බිඳ වැටිණි.
මීට අමතරව කඳාන ශා. සෙබස්තියන් බාලිකා විදුහලේ හේෂානි මහේෂිකා වයස අවුරුදු 15න් පහළ බාලිකා යගුලිය දැමීමේ ඉසව්වෙන්ද, රත්නපුර සුමන බාලිකා විදුහලේ එස්.ඩී කහන්ගම වයස අවුරුදු 14න් පහළ බාලිකා මීටර 80 කඩුලු පැනීමේ ඉසව්වෙන්ද නව තරග වාර්තා බිහිකළහ.
හේෂානි මහේෂිකා සිය ඉසව්ව මීටර 35.46 කින් නිමකර 2014 වසරේ කොළඹ විශාඛා විද්‍යාලයේ චානුකා අතපත්තු විසින් පිහිටුවන ලද මීටර 31.57 වාර්තාවද, එස්.ඩී. කහන්ගම සිය ඉසව්ව තත්: 12.9 කින් නිමකර (අවසන් පූර්ව තරගයේදී) 1996 වසරේ කොළඹ විශාඛා බාලිකා විදුහලේ ක්‍රිෂාන්ති ජයතිලක විසින් පිහිටුවන ලද මීටර 13.6 වාර්තාවද බිඳහෙළන ලදී.
අද දිනයේ පෙන්වූ නව තරග වාර්තා තුනම බාලිකාවන් සතුවීමද විශේෂත්වයකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.