Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටයිසන් - හෝලිෆීල්ඞ් ආයෙත් සටනකට සැරසෙනවාද

ටයිසන් - හෝලිෆීල්ඞ් ආයෙත් සටනකට සැරසෙනවාද

editorial - 2020 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
හෙවිවේට් බොක්සිං වලල්ලේ හිටපු ශුරයකු වන මයික් ටයිසන් නැවත වරක් සටන් කරනු දැකීමට කැමති නමුත් 53 හැවිරිදි වියේ පසුවන මේ විශිෂ්ටයා නැවත බොක්සිං වළල්ලට පැමිණීමට ධෛර්යමත් කළ යුතුද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැණනගින බව බි්‍රතාන්‍යයේ ක්‍රීඩා ප්‍රවර්ධකයෙකු වන එඩී හර්න් මහතා පවසයි. 1986 දී විසිවැනි වියෙහි පසුවු මයික් ටයිසන්, ලොව ලාබාලතම හෙවිවේට් ශූරයා බවට පත්වූයේ ටේ‍රවර් බර්බික් පරාජය කරමිනි.

නැවත පුහුණුවීමේ වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලාවේ පළ කිරීමෙන් පසු බොක්සිං ලෝකයේ අවධානය දිනාගත් මයික් ටයිසන් ප්‍රකාශ කළේ පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ප්‍රදර්ශන තරඟ ක්‍රීඩා කිරීම ගැන සලකා බලමින් සිටින බවයි.

“මමත් ඒකට කැමතියි තමා. ඒත් අවුරුදු 53 ක කෙනෙක් නැවත බොක්සිං වලල්ලට පැමිණීමට උනන්දු කිරීම තරමක් වගකීම් විරහිත ක්‍රියාවක්” යයි හර්න් මහතා බි්‍රතාන්‍යයේ රූපවාහිනි සේවයකට පැවසීය.

“මට මයික් ගැන කතා කරන්න ඕන කියලා කෙනෙක්ගෙන් පණිවිඩයක් ලැබුණා. ඔහු ගොඩක් භයානකයි වගේ. අවුරුදු 53 කෙනෙකුට යම් හානියක් කළ හැකිද? අප එවැනි දෙයක් සඳහා ධෛර්යමත් කළ යුතුද?” යන්න පිළිබඳව හර්න් මහතා දෙගිඩියාවෙන් පසුවෙයි.

“ක්‍රීඩාවේ අවංකභාවය සහ විනෝදාස්වාදය අතර අන්ත දෙකක් තියෙනවා. අපගේ කාර්යය වන්නේ විකාශකයින් සඳහා අන්තයක් ලබා දීමයි. නමුත් එය අපට හැකි තරම් අවංකව තබා ගත යුතුයි” යයිද එඩී හර්න් කියයි.

ලෝක බොක්සිං සංගම් ශූරතාව, ලෝක බොක්සිං සභා ශූරතාව සහ ජාත්‍යන්තර බොක්සිං සම්මේලන ශූරතාව යන ශූරතා දිනාගත් පළමු හෙවිවේට් ශූරයා වන ටයිසන් මෑත සතිවලදී තමාගේ පුහුණුවීමේ වීඩියෝ කිහිපයක් නිකුත් කළේය. ඔහු පසුගියදා නිකුත්කළ නවතම වීඩියෝව අවසන් වන්නේ “මම ආපසු ආවා” යන පණිවිඩයෙනි.

මේ වන විට 53 හැවිරිදි ටයිසන් සහ 57 හැවිරිදි හොලිෆීල්ඞ් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ දෙවතාවක් සටන් වැදුණි. 1997 දී පැවැති මහත් විවාදසම්පන්න තරගයකදී මයික් ටයිසන් විසින් හොලිෆීල්ඞ්ගේ කණෙන් කොටසක් හපා කඩා දමන ලදි.

හිටපු හෙවිවේට් ශූරයා වන එවැන්ඩර් හොලිෆීල්ඞ් ද සමාජ මාධ්‍යවලට පුහුණුවීමේ වීඩියෝවක් නිකුත් කර ඇති අතර තමන් විශ්‍රාම යාමෙන් පසු තවත් එක් වතාවක් ප්‍රතිවාදියා වන ටයිසන්ට මුහුණ දිය හැකි බවට අනුමාන කරයි.

“නැවත ජිම් එකට ගිය මගේ පළමු සතියේදී මට මහත් සතුටක් දැනෙනවා”
“මගේ සටන සඳහා මම මගේ පුහුණු සැසි සහ තීව්‍රතාව වේගවත් කිරීමට බලාපොරොත්තු වෙනවා”යැයි වෘත්තීය බොක්සිං ඉතිහාසයේ හෙවිවේට් ශූරතාව සිව් වතාවක් හිමිකරගත් එකම ශූරයා වන හොලිෆීල්ඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. පුණ්‍ය කටයුත්තක් සඳහා නැවත බොක්සිං වළල්ලට පැමිණෙන බව හොලිෆීල්ඞ් පසුගිය සතියේ ඉන්ස්ටග්‍රෑම් හි නිවේදනය කර තිබුණි.
“මම නැවත බොක්සිං වළල්ලට පැමිණෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි....මම ඉතා සමීපව සිටින පුණ්‍යායතනයක් ප්‍රවර්ධනය කිරීමට පුහුණු වෙනවා” යැයි ඔහු පැවසීය.

“අපේ ව්‍යාපාරයේ අරමුණ වන්නේ වසංගතයෙන් ඇති කළ හිදැස පිරවීමට අපගේ තරුණ තරුණියන්ට චිත්තවේගීය සංවර්ධනය හා අධ්‍යාපනය සඳහා අවශ්‍ය සම්පත් වෙත ප්‍රවේශයක් ලබා ගැනීමටයි.”
වෘත්තීය බොක්සිං වලල්ලේ අද්වීතීය ශූරයකු වූ මයික් ටයිසන් 2005 දී කෙවින් මැක්බ්‍රයිඞ්ට පරාජය වීමෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. එහෙත් ඉදිරියට ගිය හොලිෆීල්ඞ් 2014 දී සිය වෘත්තීය ක්‍රීඩා දිවියෙන් සමුගත්තේය.

ප්‍රදර්ශන සටනක් සඳහා ඔවුන් දෙදෙනාම ආපසු බොක්සිං වළල්ලට පැමිණියහොත්, ඔවුන් දෙදෙනාද, විශ්‍රාම යාමෙන් පසු ආධාර තරගකට පිවිසි ෆ්ලොයිඞ් මේවෙදර් සහ මැනී පැක්වියාඕගේ අඩිපාරේ ගමන් කරනු ඇත.
 
- 2079

 


අදහස් (0)

ටයිසන් - හෝලිෆීල්ඞ් ආයෙත් සටනකට සැරසෙනවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.