Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටී.බී. ජයා අනුස්මරණ කුසලාන ත්‍රිත්ව විදුහලට

ටී.බී. ජයා අනුස්මරණ කුසලාන ත්‍රිත්ව විදුහලට

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 50 වැනි ‘ටී.බී. ජයා’ අනුස්මරණ කුසලාන සමස්ත ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ත්‍රිත්ව විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට තරගාවලියේ අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවූයේ ත්‍රිත්ව විදුහලට වඩා ලෝකඩ පදක්කමක් අඩුවෙන් දිනාගැනීමට හේතුවෙනි. කොළඹ මහානාම විදුහල තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.

මෙම තරගාවලිය පාසල් (වයස 13-14), කනිෂ්ඨ (වයස 15-16) සහ යොවුන් (වයස 17-18) ලෙස ප්‍රධාන කාණ්ඩ 3 යටතේ තරග පැවැත්විණ.

පාසල් (වයස 13-14) කණ්ඩයේ කිලෝ ග්‍රෑම් 43-45 බර පංතිය යටතේ තරග වැදුණ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ එම්.එම්. පීරිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේ වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහලේ එම්.ටී.එස්. රේමන් විසිනි.
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 44 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 187 දෙනෙක් සහභාගි වූහ.


ප්‍රතිඵල සටහන

පාසල් කාණ්ඩය (වයස 13-14)

කිලෝ ග්‍රෑම් 33-35 බර පන්තිය
සෙනුක දුල්රන් (කොළඹ මහානාම විදුහල)

කිලෝ ග්‍රෑම් 35-37 බර පන්තිය
ඩී. කරුණාරත්න (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල)

කිලෝ ග්‍රෑම් 37-39 බර පන්තිය  
ටී.ආර්.බී. දිසානායක (මහනුවර විද්‍යාර්ථ විදුහල)

කිලෝ ග්‍රෑම් 39-41 බර පන්තිය
තේමිය හේරත් (මහනුවර ත්‍රිත්ව විදුහල)

කිලෝ ග්‍රෑම් 41-43 බර පන්තිය
වයි.එම්. හුසේන් (මහනුවර සුමංගල විදුහල)

කිලෝ ග්‍රෑම් 43-45 බර පන්තිය
එම්.එම්. පීිරිස් (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල)


කනිෂ්ඨ කාණ්ඩය (වයස 15-16)

කිලෝ ග්‍රෑම් 44-46  බර පන්තිය
දිමාෂ සංකල්ප (කොළඹ මහානාම විදුහල)

කිලෝ ග්‍රෑම් 46-48 බර පන්තිය
එස්.සී. විජේසූරිය (මහනුවර විද්‍යාර්ථ විදුහල)

කිලෝ ග්‍රෑම් 48-50 බර පන්තිය
ඒ.එස්. කරුණානායක (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය)

කිලෝ ග්‍රෑම් 50-52 බර පන්තිය
ඩී.ඩී. ජයසිංහ (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල)   

කිලෝ ග්‍රෑම් 52-54 බර පන්තිය
ජී.පී.පී. විජේසිංහ (මහනුවර සුමංගල විදුහල)


යොවුන් කාණ්ඩය (වයස 17-18)

කිලෝ ග්‍රෑම් 49 බර පන්තිය
මොහොමඞ් ලුක්මන් (මහනුවර ත්‍රිත්ව විදුහල)

කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය
ඒ.එම්.ආර්. අහමඞ් (මහනුවර සුමංගල විදුහල)

කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය
ඒ.එස්.කේ. ප්‍රේමතිලක (පේරාදෙණිය මැදි විදුහල)

කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය
කමල් දෙනවුගම (මහනුවර ත්‍රිත්ව විදුහල)    

කිලෝ ග්‍රෑම් 64 බර පන්තිය
කේ.එල්. ඉලංගරත්න (වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල)  

 


අදහස් (0)

ටී.බී. ජයා අනුස්මරණ කුසලාන ත්‍රිත්ව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.