Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාටම අද (20 වැනිදා) පැවැති තරගවලදී පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.
අද පැවැති පිරිමි කේවල 32 දෙදෙනාගේ වටයේ තරගයකදී වට 2-0 ක් (6/3, 6/1) ලෙස ශාමල් දිසානායක පරාජය කිරීමට ජපානයේ යුචියමා යසුතකා සමත් විය. කාන්තා කේවල 32 දෙදෙනාගේ වටයේ තරගවලදී වට 2-0 ක් ලෙස චීනයේ සෑං ශුවායි හමුවේ අනීකා සෙනෙවිරත්නද (6/1, 6/2), ජපානයේ කටෝ මියූ හමුවේ අංජලිකා කුරේරාද (6/0, 6/1) පරාජයට පත් වූහ.
කොරියාවේ හන් නාලී සහ කිම් නාරී හමුවේ වට 2-0 ක් ලෙස (6/1, 6/0) පරාජයට පත්වීම නිසා අංජලිකාට සහ අනීකාට කාන්තා යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.
ශාමල් දිසානායකට සහ යසිත ද සිල්වාට පිරිමි යුගල ඉසව්වේ කොරියාවේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූයේ වට 2-0 ක් ලෙස (6/4, 6/2) කසකස්තානයේ කබිබුලියන් ටිමූර් සහ නෙඩොව්යෙසොව් ඇල්ක්සැන්ඩර් හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.
ඊයේ (19 වැනිදා) පැවැති තරග මිශ්‍ර යුගල වලදී ඕමානයේ මොහොමඞ් සුලෙයිමාන් සහ ෆාත්මා සුලෙයිමාන් හමුවේ වට 2-0 ක් (6/4, 6/3) පරාජයට පත්වීම නිසා යසිත ද සිල්වා සහ අනීකා සෙනෙවිරත්නද, උස්බැකිස්තානයේ සංජාර් ෆයිසියෙව් සහ අක්ගුල් අමන්මුරාඩෝව් හමුවේ වට 2-0 ක් (6/4, 6/3) පරාජයට පත්වීම නිසා ශාමල් දිසානායක සහ අංජලිකා කුරේරාද පරාජයට පත් වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.