Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙකම ගාල්ලේදී පැවැත්වීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. ගාල්ල ක්‍රීඩාංගණයේදී දඟ පන්දු යවන්නන්ට ලැබෙන වාසිදායක තත්ත්වයත් විශේෂයෙන්ම එවන් තණතීරු මත ශීත රටවල පිතිකරුවන් මුහුණදෙන අපහසුතාවයත් සැලකිල්ලට ගනිමින් මෙම ටෙස්ට් තරග දෙක ගාල්ලේදී පැවැත්වීමට තීරණය වී තිබේ.
2023 - 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියට ද ඇතුළත් ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරග දෙක සැප්තැම්බර් මස අග භාගයේදී පැවැත්වීමට නියමිතය. මේ මස 21 වැනිදා සිට, එංගලන්තයේදී ආරම්භ වන ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා අවසන් වෙයි.
කෙසේ වෙතත් මේ වතාවේදී නවසීලන්ත කණ්ඩායමට විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ දඟ පන්දු යැවීමේ හැකියාව ඇති පිතිකරුවන් දෙදෙනකු ඇතුළත් වන බව නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ අෆ්ඝනිස්තානු සහ ශ්‍රී ලංකා සංචාර දෙකේදී සිය “වේග පන්දු යවන්නන් ඕනෑවට වඩා වෙහෙස කරවන්නේ නෑ” කියාය. එහිදී නවසීලන්ත නායක ටිම් සවුතී වුවද විවේක ගැන්වීමට පසුබට නොවන බවත් ඔහු කියා තිබේ.
නවසීලන්තය සහ ඇෆ්ඝනිස්තානය අතර එකම ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 9 වැනිදා ඉන්දියාවේ නවදිල්ලිය ආසන්නයේ පිහිටි නොයිදා නුවරදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරග සැප්තැම්බර් 18 වැනිදා සහ 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.
නායක ටිම් සවුති, මැතිව් හෙන්රි, බෙන් සියර්ස් සහ විල් ඕ’රූක්ස් කණ්ඩායමට එක්ව සිටින වේග පන්දු යවන්නෝ වෙති. මිචෙල් සෑන්ට්නර්, අජාස් පතෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් තිදෙනා විශේෂඥ දඟ පන්දු යවන්නන් වන අතර ග්ලෙන් පිලිප්ස් සහ රචින් රවීන්ද්‍ර අවස්ථාවෝචිතව දඟ පන්දු යවති.
නවසීලන්ත සංචිතය
ටිම් සවුති (නායක), ටොම් බ්ලන්ඞ්ල්, මයිකල් බ්‍රේස්වෙල්, ඩෙවොන් කොන්වේ, මැතිව් හෙන්රි, ටොම් ලෙතම්, ඩැරිල් මිචෙල්, විල් ඕ’රූක්ස්, අජාස් පතෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිචෙල් සෑන්ට්නර්, බෙන් සියර්ස්, කේන් විලියම්සන් සහ විල් යංග්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.