Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදාට යෙදී තිබෙන නමුත් නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකම එම කාලසීමාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම මුහුණ දී සිටින කාර්ය බහුල තරග සමය ඊට හේතුව වූවත් ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් ලෙසින් වෙන්කර තිබේ.
මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියකි.
නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇෆ්ඝනිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වීමෙන් පසුවය.
නවසීලන්ත - ඇෆ්ඝනිස්තානු ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ නොයිදා නගරයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය.
සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය 23 වැනිදා නිමාවට පත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා විවේක දිනයක් ලෙසින් යොදා තිබේ.
සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය 30 වැනිදා අවසන් වීමට නියමිතය. මැතිවරණ උණුසුම හේතුවෙන් මෙම තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ටෙස්ට් තරගාවලිය නිමාවීමෙන් දෙසතියක් යාමටත් මත්තෙන් එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි. ශ්‍රී ලංකා - කොදෙව් තරගාවලිය නිමාවේදී සීමිත ඕවර තරගාවලි දෙකක් සඳහා නවසීලන්ත කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දැන් පැවැත්වෙන එංගලන්ත සංචාරය සැප්තැම්බර් මස 10 වැනිදා නිමාවෙයි. සැප්තැම්බර් 11 වැනිදා දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එතැන් සිට ඇත්තේ ඉතාමත් කාර්ය බහුල සමයකි.
වසර 2022 දී, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයකට හසුව, ඝණ අන්ධකාරයේ ගිලී තිබියදීත්, ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර ඉතාමත් සාර්ථක තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. රජයට එරෙහිව පැවැති මහජන අරගලය එහි උච්චතම අවස්ථාවේ පවතිද්දීත් ඕස්ටේ්‍රලියානු සහ පාකිස්තානු කණ්ඩායම් වලට එරෙහිව ටෙස්ට් තරග 4 ක්, කිසිදු අවහිරතාවකින් තොරව, ගාල්ලේදී පැවැත්විණ.
එසේ වුවත් වසර 30 කට පෙර, 1994 අගෝස්තු මස 16 වැනිදාට නියමිතව තිබූ මහ මැතිවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයක් අවලංගු කරදමන ලදි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහවහා ගිය 1994 ජූලි - අගෝස්තු කාලයේදී පූර්ව මැතිවරණ ඝාතන 24 ක් වාර්තා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.