Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩී.එස්. ක්‍රීඩකයෝ ධර්මරාජ පරදවති
අන්තර් පාසල් රග්බි

ඩී.එස්. ක්‍රීඩකයෝ ධර්මරාජ පරදවති

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ අද (25 වැනිදා) පැවැති තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 48-29 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. 

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-12 ක් ලෙස ධර්මරාජ විදුහල පෙරමුණ ගත්තේය. එහිදී ධර්මරාජ ක්‍රීඩකයෝ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ද, ඩී.එස්. ක්‍රීඩකයෝ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්හ. 

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ඩී.එස්. විදුහල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 36 ක් එක්කර ගනිමින්, තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ධර්මරාජ විදුහලට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. 

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල අතර අනිද්දා (27 වැනිදා) පැවැත්වෙන මූලික වටයේ තරගය ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී ඩී.එස්. සේනානායක විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 4 වැනිදා පස්වරු 4.15 ට කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  


අදහස් (0)

ඩී.එස්. ක්‍රීඩකයෝ ධර්මරාජ පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.