Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිවිලියර්ස් ක්‍රීඩාවෙන් සමුගනී

ඩිවිලියර්ස් ක්‍රීඩාවෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම තරගවලට සහභාගි වීමෙන් දැඩි වෙහෙසට පත්ව සිටීම නිසා දස්කම් අතර සිටියදීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමා තීරණය කළ බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඒ.බී. ඩිවිලියර්ස් පවසයි.

“ටෙස්ට් තරග 114 කටත්, එක්දින තරග 228 කටත්, විස්සයි20 තරග 78 කටත් ක්‍රීඩා කිරීමෙන් පසුව දැන් මට ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඇත්තම කියනවා නම් දැන් මට හුගක් වෙහෙසයි. ඒ නිසා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා ඉවත් වෙන්න ඕනේ කියලා මට හිතුනා.” යැයි සිය ට්විටර් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඩිවිලියර්ස් කියා සිටියේය.

“මේක ඉතාමත් අසීරු තීරණයක්. මම මේ ගැන හුගක් බැරෑරුම් ලෙස හිතුවා. කොහොමත් මම කැමැත්තෙන් හිටියේ දස්කම් අතර සිටියදීම ක්‍රීඩාවෙන් සමුගන්නයි. ඉන්දියාවට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගාවලි ජයග්‍රහණය කිරීමෙන් පසුව දැන් ක්‍රීඩාවෙන් සමුගන්න නියම කාලය ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා.” යැයි එම වීඩියෝව ඔස්සේ ඩිවිලියර්ස් පැවසීය.

“දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් මම ක්‍රීඩා කරන්නේ කවදද? කොතනද? මොන වගේ ක්‍රීඩාවකද? කියන එක මමම තෝරාගන්නා එකනම් හරිදේ නෙමේ. රන් සහ කොළ පැහැය මිශ්‍ර වූ මේ ඇඳුම ඇඳගත්තාම මට නම් දකුණු අප්‍රිකාව වෙන්වෙන් කිසිවක් නොලබාම ඕන දෙයක් අතහරින්න පුළුවන්.” යයිද එහිදී ඔහු සඳහන් කළේය.

එංගලන්තයට එරෙහිව 2004 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් ඩිවිලියර්ස්, අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ මේ වසරේ අප්‍රේල් මස ඕස්ට්‍රේලියාවට එරෙහිවය. එම තරගාවලිය තරග 3-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පන්දු 16 කදී අර්ධ ශතකයද, පන්දු 31 කදී ශතකයද සම්පූර්ණ කරමින් එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකට මෙන්ම වේගවත් ශතකයටද හිමිකම් කීමට මෙම ප්‍රවේගකාරී පිතිකරුවා සමත්විය.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට 34 වැනි වියේ පසුවූ ඩිවිලියර්ස් තම නම ඉදිරියෙන් ටෙස්ට් ලකුණු 8765 ක්ද, එක්දින ලකුණු 9577 ක්ද, විස්සයි20 ලකුණු 1672 ක්ද සටහන් කරගෙන සිටියේය. සමුගැනීම ප්‍රකාශයට පත්කරන විටත් ටෙස්ට් සහ එක්දින තරග වලදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 50 කට ඉහළ අගයක පැවැතිණ.

 

- 036


අදහස් (0)

ඩිවිලියර්ස් ක්‍රීඩාවෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.