Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ පාපන්දු කුසලානයේ අලූත්ම හිමිකරුවා වූ ගුවන් හමුදා කණ්ඩායම අද (22 වැනිදා) සවස කළුතර වර්නන් ප‍්‍රනාන්දු පිටියේ පැවැති අවසන් මහ තරගයේදී රිනවුන් කණ්ඩායම ගෝල 1-0 කින් පරාජය කිරීමට සමත් විය.
මෙම අවසන් මහ තරගය නැරඹීමට 10,000 කට අධික පිරිසක් වර්නන් ප‍්‍රනාන්දු පිටියට රැස්ව සිටි අතර සියලූ පේ‍්‍රක්‍ෂකාගාර අතුරු සිදුරු නැතිව පිරී පැවතිණ.
තරගයේ පළමු භාගය දෙපිළේම තියුණු සටන්කාමීත්වය හමුවේ නිලකුණු තත්ත්වයක් මැද අවසන් විය. එහෙත් මෙවර රුපියල් ලක්‍ෂ හත හමාරක මුදල් ත්‍යාගය ගුවන් හමුදා කණ්ඩායමට උරුම කරදීමට මුල් වූයේ 57 වැනි විනාඩියේදී තීරණාත්මක ගෝලය වාර්තා කළ කුමාර ලංකේෂ්වරය. ‘තරගයේ වීරයා’ සම්මානය ඔහුට හිමි කරදීමටද එය හේතු විය.
ගුවන් හමුදා කණ්ඩායම ශූරයන්ගේ පාපන්දු කුසලාන දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර වසර 2009 දී මෙම දෙපිලම තරග වැදුණු අවස්ථාවේදීත් ගුවන් හමුදා කණ්ඩායම තියුණු සටනක් දෙමින් අතිරේක කාලයේදී දඬුවම් පහර මගින් පරාජයට පත් විය.
මෙම තරගයත් සමග මුළු තරග 180කින් සමන්විත වූ ‘ඩයලොග්’ ශූරයන්ගේ පාපන්දු තරගාවලිය නිමාවට පත් විය.
සමස්ත තරගාවලියේ දී ගෝල 23 ක් ලබාගත් යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉසඞීන් මෙවර ”රන් පාවහන” සම්මානය දිනා ගත්තේය.
අවසන් තරගයේදී පුරා දෙපිලේ ක‍්‍රීඩකයෝ හත් දෙනෙක් (7) විනිසුරුවරයාගේ දැඩි අවවාද ලැබූහ.
(ඡායාරූප- ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.