ඩයලොග් පිල මාස් හෝල්ඩින්ස් පරදවයි
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී මාස් හෝල්ඩින්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 72-69 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඩයලොග් ආසියාටා කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණ 34-23 ක් ලෙස පෙරමුණ ගැනීමට මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සමත් වූ නමුත් දෙවැනි අර්ධය තුළදී දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඩයලොග් ආසියාටා ක්‍රීඩකයෝ තරගය නිමා වන විට දෙපිලේ ලකුණු සංඛ්‍යාව 63-63 ක් ලෙස සම තත්වයට පත්කළහ.
හිමිවූ අතිරේක කාලයේදී ලකුණු 9 ක් රැස්කළ ඩයලොග් ආසියාටා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගත් අතර මාස් හෝල්ඩිග්ස් කණ්ඩායමට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.
තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 26 ක් රැස්කළ ඩයලොග් ආසියාටා කණ්ඩායමේ ධනුෂ්ක මුතුකුඩාරච්චි සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ 41 වැනි දිනයේදී පැවැති තවත් ‘ඊ’ කාණ්ඩායේ තරග දෙකකදී අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කිරීමට ඩබ්ලිව්.එන්.එස්. ග්ලෝබල් කණ්ඩායමද, මොර්සෑන්ඞ් කණ්ඩායම පරාජය කිරීමට එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායමද සමත් විය.
‘ඒ’ කාණ්ඩය
■ ඩයලොග් ආසියාටා කණ්ඩායම විසින් ලකුණු 72-69 ක් ලෙස මාස් හෝල්ඩින්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ධනුෂ්ක මුතුකුඩාරච්චි (ඩයලොග් ආසියාටා කණ්ඩායම) - ලකුණු 26
‘ඊ’ කාණ්ඩය
■ ඩබ්ලිව්.එන්.එස්. ග්ලෝබල් කණ්ඩායම විසින් ලකුණු 55-46 ක් ලෙස අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රිෆ්ඛාන් නිලාෆිර් (ඩබ්ලිව්.එන්.එස්. ග්ලෝබල් කණ්ඩායම) - ලකුණු 23
■ එයිස්කේන් ස්පෙන්ස් කණ්ඩායම විසින් ලකුණු 42-41 ක් ලෙස මෝර්සෑන්ඞ් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රෂ්මික ලෝරන්ස් (එයිස්කේන් ස්පෙන්ස් කණ්ඩායම) - ලකුණු 19