Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩසල්ඩොෆ්හිදී හිරුණිට රිදී පදක්කමක්

ඩසල්ඩොෆ්හිදී හිරුණිට රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දිගු දුර ධාවන ක්‍රීඩිකාවක් වන හිරුණි විජයරත්න ජර්මනියේදී අද (28 වැනිදා) පැවැති ඩසල්ඩොෆ් මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තාය. පැය 2 යි විනාඩි 34.10 කින් තරගය නිම කළ ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිට වූවාය.

දැඩි ශීතල මැද්දේ දිවගිය ඇය තරගය නිමකළේ අපහසුතා රැසකට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමගින් ඇය දෝහා හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියටද සුදුසුකම් ලැබුවාය.

“මගේ පාද වල මස්පිඬු පෙරළිලා. ඒත් මම ශක්තිමත් විය යුතුයි කියලා මම මටම කියාගනිමින් දිව්වා....පසුගිය සතියේ ශ්‍රී ලාංකිකයන් විඳපු වේදනාවේ හැටියට මේක වේදනාවක් නෙමේ” යයි ඇය තරගයෙන් අනතුරුව පැවසුවාය.

තමන් දිනාගත්තේ තරගයේ දෙවැනි ස්ථානය වුවත් එය ඉදිරිය සඳහා විශාල බලාපොරොත්තුවක් බවද ඇය පැවසුවාය.
 

 

 


අදහස් (0)

ඩසල්ඩොෆ්හිදී හිරුණිට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.