Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩැරන් සැමී ටෙස්ට් පිටියෙන් සමුගනී

ඩැරන් සැමී ටෙස්ට් පිටියෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලේ ටෙස්ට් නායකයා වශයෙන් ඩිනේෂ් රැම්ඞීන් පත්කිරීමෙන් හෝරා කිහිපයක් ඉක්මයන්නටත් මත්තෙන් කොදෙව් පිලේ හිටපු නායක ඩැරන් සැමී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කළේය.

මේ වන විට 30 හැවිරිදි වියේ සිටින ඩැරන් සැමී, වසර 2012 දී බටහිර ඉන්දීය පිල විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී කොදෙව් පිලේ නායකයා වූ අතර 2010 වසරේ ඔක්තෝබර් මාසයේ සිටම කොදෙව් පිලේ ටෙස්ට් නායකයාව සිටියේය.

කෙසේ වෙතත් කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කරන්නේ විස්සයි:20 කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා වශයෙන් ඩැරන් සැමී දිගටම කටයුතු කරන බවයි. ටෙස්ට් තරග 38 කට කී‍්‍රඩා කළ ඩැරන් සැමී ඒවායින් 30 කදීම නායකයා වශයෙන් කටයුතු කළේය.

තමන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා බව කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලයට දන්වා යැවූ ඩැරන් සැමී එක්දින සහ විස්සයි:20 තරග සඳහා කී‍්‍රඩා කිරීමට තෝරාගන්නේ නම් ඒ සඳහා තමන් සූදානමින් සිටින බවද කොදෙව් පාලක මණ්ඩලයට දන්වා යවා තිබේ.

මේ වන විට ටෙස්ට් තරග 56 කට කී‍්‍රඩා කර ඇති ඩිනේෂ් රැම්ඞීන්, එක්දින තරග 109 ක් සහ විස්සයි:20 තරග 46 ක් සඳහාද කී‍්‍රඩා කර තිබේ.

”පසුගිය වසර හතරක කාලයේදී ඩැරන්ගේ කි‍්‍රයාශීලී මෙන්ම ශක්තිමත් නායකත්වය වෙනුවෙන් අප ඔහුට ස්තුතිවන්ත වන අතරම විස්සයි:20 පිලේ නායකයා වශයෙන් ඔහු දිගටම කටයුතු කරනු ඇති බවත් අප විශ්වාස කරනවා. ඒ සඳහා ඔහුගේ දායකත්වය ඉතාමත් වැදගත් වෙනවා” යයි කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති ඬේව් කැමරන් මහතා පවසා තිබේ.

කොදෙව් පිලේ නායකයා වශයෙන් නම්කිරීම තමන්ට මහත් ගෞරවයක් බව ඩිනේෂ් රැම්ඩින් පැවසීය.

”මා මේ තනතුර බාරගන්නේ ඉතාමත් වෙහෙසීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ ඩැරන් සැමීගෙන්. ඔහු නායකයාව සිටි කාලයේදී තරග 6 ක් ජයගත්තා විතරක් නෙමේ කී‍්‍රඩාව වෙනුවෙන් දෙන්න පුළුවන් හැමදේමත් දුන්නා”

”මගේ පළමු කාර්යය වන්නේ නවසීලන්ත පිලට එරෙහිව මුහුණ දීමයි” යයිද රැම්ඞීන් පැවසිය.

ටෙස්ට් පිලේ නායකත්වය වෙනස් වීමත් සමගින් කොදෙව් පිලට නායකයෝ තිදෙනෙක් සිටිති. ඩිනේෂ් රැම්ඞීන් ටෙස්ට් පිලේ නායකයා වන අතර ඞ්වේන් බ‍්‍රාවෝ එක්දින පිලේ නායකයාය. ඩැරන් සැමී විස්සයි:20 පිල මෙහෙයවයි.


අදහස් (1)

ඩැරන් සැමී ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.