Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බංග්ලාදේශය සහ නවසීලන්තය අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග ලකුණු 6 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ, ඕවර 42.5 ක් අවසානයේ ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 67 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 89 ක් රැස්කළ ඩර්ලි මිචෙල් නවසීලන්තයේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක කේන් විලියම්සන් පන්දු 107 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 78 ක් ලබා සිටියදී පන්දුව අතේ වැදීමෙන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 59 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් ලබා සිටි ඩෙවෝන් කොන්වේ දැවී ගියේ සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.
කොන්වේ සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී ඩැරිල් මිචෙල් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
නවසිලන්ත නායක කේන් විලියම්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 245 ක් ලබාගත්තේය. ලකුණු 56 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කණ්ඩායමේ සිටින ප්‍රවීණතම පිතිකරුවන් දෙදෙනා වන නායක සකීබ් අල් හසන් (40) සහ මුෂ්ෆිකුර් රහීම් (66) එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 108 කදී ලකුණු 96 ක් එක්කරමින් බංග්ලාදේශ ඉනිම ගොඩනැගූහ.
පන්දු 51 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 75 කදී වාර්තා වූ රහීම්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. තවත් ප්‍රවීණ පිතිකරුවකු වන මහමදුල්ලා රියාද් අවසන් ඕවර කිහිපයේදී පන්දු 49 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් සිය ඕවර 10 ලකුණූ 49 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීය. ට්‍රෙන්ට් බෝල්ට් සහ මැට් හෙන්රි කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කිරීම සඳහා ෆර්ගසන්ට අනගි සහායක් දුන්හ.
බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 245
(ටැන්සිඩ් හසන් 16, මෙහෙදි හසන් 30, සකීබ් අල් හසන් 40, මුෂ්ෆිකුර් රහීම් 66, මහමදුල්ලා රියාද් නොදැවී 41, ටස්කින් අහමඩ් 17, ලොකී ෆර්ගසන් 49/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2, මැට් හෙන්රි 58/2)
නවසීලන්තය - ඕවර 42.5 කදී කඩුලු 2 ක් දැවී 248
(ඩෙවෝන් කොන්වේ 45, කේන් විලියම්සන් 78, ඩැරිල් මිචෙල් නොදැවී 89, ග්ලේන් පිලිප්ස් නොදැවී 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.