Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ මස 20 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ, තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරාගන්නා ලද ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට ලිමන්සා තිලකරත්න තෝරාගනු ලැබ ඇත. ලිමන්සා තිලකරත්න, ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියයි.
තවමත් 16 හැවිරිදි ලිමන්සා තිලකරත්න දකුණතින් පා දඟ පන්දු යවන්නියකි. ඇය 16 වැනි ක්‍රීඩිකාව ලෙසින් කණ්ඩායමට ඇතුළත් වී සිටී.
ලිමන්සා දකුණතින් පා දඟ පන්දු යවන්නියක් වන බැවින් ඇය 19 න් පහළ ජාතික කණ්ඩායමට ඇතුළත් කර ඇතැයි නිලධාරීහු කියති. එහෙත් ලිමන්සා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නියක වන බැවින් ඇය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්ව අතර ඇත්තේ කුකුසකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ යොවුන් බාලිකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනකු ක්‍රීඩා කරන පාසල් සඳහන් කර ඇති නමුත් ලිමන්සා ක්‍රීඩාකරන පාසලක් සඳහන්වී නැත. ඇය, මාස කිහිපයකට ඉහතදී, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 16 න් පහළ කාන්තා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර තෝරාගනු ලැබ ඇත. මනුදි නානායක්කාර වමතින් පන්දුවට පහර දෙන අතර දකුණතින් මඳ වේග පන්දු යවන්නියකි. ඉතා ඉක්මනින්ම ජාතික කණ්ඩායමට එක්වෙතැයි අපේක්ෂා කරන රශ්මිකා සෙව්වන්දි කණ්ඩායමේ උපනායිකාව ලෙසින් පත්කර තිබේ.
ඕස්ට්‍රේලියානු සංචාරය විස්සයි-20 තරග 4 කින් සහ එක්දින තරග දෙකකින් සමන්විත වේ.
පළමුවෙන් පැවැත්වෙන්නේ විස්සයි-20 තරගාවලියයි. එහිදී නවසීලන්ත 19 න් පහළ කණ්ඩායමට එරෙහිව තරග 2 ක් සහ ඕස්ට්‍රේලියානු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව තරග දෙකක් පැවැත්වෙයි. එහි පළමු තරගය මේ මස 20 වැනිදා, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බි්රස්බේන් නුවර ඇලන් පෙටිගෲ ඕවල් පිටියේදී පැවැත්වෙයි.
එක්දින තරගාවලිය මේ මස 30 වැනිදා සහ ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වෙයි.
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව - වේල්ස් කුමරි විද්‍යාලය), රශ්මිකා සෙව්වන්දි (මාතර අනුර විද්‍යාලය), සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), සංජනා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), විමෝක්ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය), රශ්මි නේත්රංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), එරන්දි හංසමාලි (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය), ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය), හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), චමෝදි ප්‍රබෝධා (මොණරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලය), දැහැමි සේනාරත්න (නුගේගොඩ අනුලා විද්‍යාලය), අශේනි තලගුණේ (මහනුවර මහමායා බාලිකා විද්‍යාලය), ෂෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය), නෙතඟි ඉසුරාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) සහ ලිමන්සා තිලකරත්න
Chandana Saturday, 14 September 2024 06:55 AM
මේ තැනට දාන්න ඇයගේ තියෙන හැකියාව මොකක්ද? ු
Reply 0 0
chinthana Saturday, 14 September 2024 10:04 AM
විශ්මි ගුණරත්න, ශෂිනි ගිම්හානි කණ්ඩායමේ නැත්තේ ඇයි?
Reply 0 0
Sk Sunday, 15 September 2024 08:40 AM
එයාට ලංකාවට සෙල්ලම් කරන්න පුළුවන්ද?
Reply 0 0
Senarath Monday, 16 September 2024 09:43 AM
ලංකාවේ පුරවැසිභාවය තිබේ නම්, දක්ෂතාවයත් තිබේනම්, වයස 19ට අඩු නම්, ලංකාවේ 19න් පහළ කණ්ඩායමට නම් කරන එකෙක් වරද කුමක්ද? ක්‍රිකට්ගහන්න බැරි අය ලංකාවේ ජාතික කණ්ඩායමට ගහලා දිගින් දිගටම තරග පැරැදිලා අන්තිමට ඇෆ්ඝනිස්ථානයටත් පැරැදුණානේ... ඒ අය මාසයකට රුපියල් මිලියන 4ක විතර වැටුපකුත් ගත්තනේ...
Reply 0 0
සමීර Monday, 16 September 2024 01:53 PM
දැන් මේ ඔක්කෝටම විකාර වෙන රටක දිවි ගෙවන අය ලංකාවට ගෙනත් ක්‍රිකට් කණ්ඩායමේ තැන දෙනවා.... එහෙන් පාර්ලිමේන්තු ගේනවා...
Reply 0 0
viraj Tuesday, 17 September 2024 11:24 AM
ලංකාව හොඳ නැති හින්දනේ ඕස්ට්‍රේලියා ගිහින් ඉන්නේ. ලංකාවේ දරුවෙකුට ලැබෙන්න තියෙන චාන්ස් එක කොහොමද මෙහෙම ලැබෙන්නේ?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.