Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්වින්ටින් ඩි’ කොක්ගේ වේගවත් පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ගුවහටි නුවරදී ඊයේ (26 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩයම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ක්වින්ටින් ඩි’කොක් පන්දු 61 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 97 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
අන්ග්ක්‍රිෂ් රඝුවංශි (නොදැවී 22) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් වූ අතර පන්දු 17 කදී වාර්තා වූ රඝුවංශිගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය. නායක අජින්ක්‍යා රහනේ පන්දු 15 කින් ලකුණු 18 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් මගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 151 ක් ලබාගත් අතර රජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ධරූව් ජුරෙල් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක්ද, ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද රැස්කළහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ වරුණ් චක්‍රවර්ති සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර රාජස්ථාන් පිතකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මුයින් අලී, වයිභව් අරෝරා සහ හර්ෂිත් රානාද කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
රජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 151
(යෂස්වි ජයිස්වාල් 29, රියාන් පරාග් 25, ධුරූව් ජුරෙල් 33, ජොෆ්රා ආචර් 16, වරුණ් චක්‍රවර්ති 17/2, මුයින් අලී 23/2, වයිභව් අරෝරා 33/2, හර්ෂිත් රානා 36/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 17.3 කදී කඩුලු 2 ක් දැවී 153
(ක්වින්ටින් ඩි’ කොක් නොදැවී 97, අජින්ක්‍යා රහනේ 18, අන්ග්ක්‍රිෂ් රඝුවංශි නොදැවී 22)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.