Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩීන් එල්ගා ද්විත්ව ශතකය අහිමිකර ගනී

ඩීන් එල්ගා ද්විත්ව ශතකය අහිමිකර ගනී

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පොචෙස්ට්රූම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනයට අද (29 වැනිදා) අවසන් වනවිටදී පළමුව ඉනිම සදහා පන්දුවට පහරදෙමින් බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 127 රැස්කිරීමට සමත්විය.

මොනිමුල් හක් ලකුණු 28 ක් සහ ටමීම් ඉක්බාල් ලකුණු 22 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ඒඞ්න් මාක්‍රම් සමගින් පළමු කඩුල්ල සදහාත් හසිම් අම්ලා සමගින් දෙවැනි කඩුල්ල සදහාත් ඩීන් එල්ගා පැවැත්වූ ශතක සම්බන්ධතා හේතුවෙන් පළමු ඉනිම සදහා කඩුලු 3 ක් දැවී ලකුණු 496 ක් රැස්කළ දකුණු අප්‍රිකාව ඉනිම අත්හිටුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළේය.

ද්විත්ව ශතකයට ලකුණක් පමණක් තිබියදී මුස්ටෆිසූර් රහමන්ගේ පන්දුවකට මොමිනුල් හක් අතට උඩපන්දුවක් දෙමින් ඩීන් එල්ගා දැවී ගියේය. පන්දු 388 කට මුහුණදුන් එල්ගාගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.

පන්දු 200 කදී හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 137 ක් රැස්කළ හසිම් අම්ලා දවාගැනීමට ශෆීවුල් ඉස්ලාම් සමත් විය.

දෙවැනි කඩුල්ල සදහා ලකුණු 215 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකා ලකුණු පුවරුව ඉහළ දැමීමට ඩීන් එල්ගා සහ හසිම් අම්ලා සමත්වූහ.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - ඕවර 146 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 496
(ඩීන් එල්ගා 199, ඒඞ්න් මාක්‍රම් 97, හසිම් අම්ලා 137, ටෙම්බා බවුමා නොදැවී 31, ෆෆ් ඩුප්ලේසී නොදැවී 26)

බංග්ලාදේශය - පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 127
(ලිටන් දාස් 25, මොනිමුල් හක් නොදැවී 28, මුෂ්ෆීකූර් රහීම් 44, ටමීම් ඉක්බාල් නොදැවී 22)

 


අදහස් (0)

ඩීන් එල්ගා ද්විත්ව ශතකය අහිමිකර ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.