Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩුප්ලේසීට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

ඩුප්ලේසීට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ඊයේ (6 වැනිදා) නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත වේලාව තුළ ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත් වීම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලේසීට ටෙස්ට් තරගයක් තහනම් කිරීමට සහ සිය තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. 

ඒ අනුව ඔහුට දෙරට අතර මේ මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා ජොහැන්සන්බර්ග්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇත. මෙම සිදුවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ටද ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 10% ක මුදලක් දඩ ලෙස ගෙවීමට සිදුවී තිබේ.  

ඩුප්ලෙසීට මෙම තරග තහනම පනවා ඇත්තේ මාස 12 ක කාලය තුළ ඔහුගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම එවන් වරදකට හසුවූ දෙවැනි අවස්ථාව මෙය වීම හේතුවෙනි. මින් පෙර 2018 වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති ටෙස්ට් තරගයකදීද ඔහු නියමිත වේලාව තුළ ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත් වී තිබේ. 

-036


අදහස් (0)

ඩුප්ලේසීට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.