Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී වර්තූසා කණ්ඩායමට එරෙහිව ලකුණු 49-9 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඬේවිඞ් පීරිස් කණ්ඩායම සමත් විය.

පළමු වටය අවසානයේ ලකුණු 25-2 ක් ලෙස පෙරමුණගත් ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 24 ක් එක්කර ගත්හ. එහිදී වර්තූසා කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

ලකුණු 20 ක් රැස්කළ ඬේවිඞ් පීරිස් කණ්ඩායමේ ප්‍රමේෂා ප්‍රනාන්දු එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.


- 036

 


අදහස් (0)

ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.