Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩේවිඩ් විලා ජයග්‍රහණයකින් සමුගනී

ඩේවිඩ් විලා ජයග්‍රහණයකින් සමුගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර තරග බිමේ සිය 59 වැනි ගෝලය ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ඩේවිඩ් විලා ස්පාඤ්ඤයේ ජය මාවත විවර කර දෙමින් ක්‍රීඩා පිටියෙන් සමු ගත්තේය. ඔස්ට්‍රේලියාව පරදවා ගෝල් 3-0 ක ජයක් ලැබුවත් පළමු තරග දෙකම පරාජයට පත්ව අවසන් කණ්ඩායම් 16 ට සුදුසුකම් ලැබීමට අසමත්වූ බැවින් ස්පාඤ්ඤයට ගෙදර යාමට සිදුවූයේ හිස් අතිනි.

‘බී‘ කාණ්ඩයේ අවසන් තරගය ලෙස කුරිටිබා හී පැවැති මේ තරගයේ 36 වැනි මිනිත්තුවේ දී ජුවන්ෆ්‍රාන්ස්ගේ පන්දු පිරිනැමීමක් සාර්ථක කරගත් මේ ප්‍රවින ප්‍රහාරකයා තම අවසන් ජාත්‍යන්තර ගෝලය ලබාගත්තේ 97 වැනි තරගයේදීය.

ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ ස්පාඤ්ඤය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කිරීමේ වාර්තාවටද ඔහු හිමිකම් කියයි. ඒ වාර්තාවට අනුව ඔහු ලෝක කුසලාන තරග 12 කදි ගෝල් 9 ක් රැස් කිරීමට සමත්ව සිටී.

ස්පාඤ්ඤය හමුවේ ගෝලයක් ලබාගනිමින් තරගය සම කර ගැනීමට ඔස්ට්‍රේලියාව දැඩි උත්සාහයක නිරතවූවත් එය සාර්ථක වූයේ නැත. 69 වැනි මිනිත්තුවේ දී ඇන්ඩ්‍රිස් අයිනීස්ටා ලබා දුන් පන්දුවෙන් ප්‍රනාන්දු ටෝරස් වාර්තා කළ ගෝලයත් සමග ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය සඳහා තිබූ බලාපොරොත්තු අතහැර දැමීය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී අතිරේක ක්‍රීඩක ජුවාන් මටා ට ඉඩ දී ඩේවිඩ් විලා කඳුළු පිරි දෙනෙතින් යුතුව පිටියෙන්  සමුගත්තේය. සාර්ථක ක්‍රීඩා රටාවක නිරතවූ මටා තරගයේ 83 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤයේ තුන්වැනි ගෝලය වාර්තා කිරීමට සමත්විය. ලෝක කුසලාන තරග 12කට සහභාගි වී ඇති ස්පාඤ්ඤය තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය විය.


අදහස් (0)

ඩේවිඩ් විලා ජයග්‍රහණයකින් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.