Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අපේක්‍ෂා සියල්ලම සේදී ගොස් තිබූ මොහොතක ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු දල්වමින් පන්දු 49 කින් ලකුණු 65 ක් උදුරාගත් තිසර පෙරේරා ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය කරා ඇදගෙන යාමේ ප‍්‍රබල උත්සාහයක නිරත වූ නමුත් පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී ලකුණු 56 ක පහසු ජයක් ලබාගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය. මෙම ජයත් සමග දකුණු අපි‍්‍රකාව තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමේ අවස්ථාව අත්කරගත් නමුත් ශී‍්‍ර ලංකා පිල 2‐1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.
ලකුණු 224 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 43.2 කදී ලකුණු 167 කට දැවී ගියේ ශී‍්‍ර ලංකාවේදී පැවති එක්දින තරග 14 කදී දෙවැනි ජයග‍්‍රහණය දකුණු අපි‍්‍රකානු පිලට ඉතිරි කරමිනි.
කිසිවකු බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී, රොබින් පීටර්සන්ගේ ඕවරයකින් ලකුණු 35 ක් උදුරාගත් තිසර පෙරේරා තම පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය. ලකුණු 93 කට කඩුලූ 7 ක් බිඳ වැටී තිබුණ නමුත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක් එක් කළ තිසර පෙරේරා සහ රංගන හේරත් තත්ත්වය කණපිට පෙරළීමේ උත්සාහයක නිරත වුවද ෆෆ් ඩු ප්ලෙසී ඊට හරස් විය.
ලකුණු 153 දී තිසර දුන් පහසු උඩපන්දවක් ලොන්වාබෝ සොත්සෝබි අතින් ගිළිහී ගියද දවසේ වාසනාව දකුණු අපි‍්‍රකානුවන් සතු විය. ෆර්හාන් බෙහාර්ඞීන්ගේ පන්දුවක් නරඹන්නන් අතරට යැවීමට පෙරේරා ගත් උත්සාහයේදී පමණට වඩා ඉහළ ගිය පන්දුව ගිළ ගැනීමට දකුණු අපි‍්‍රකාවේ දක්‍ෂතම පන්දු රකින්නා වන ෆෆ් ඩු ප්ලෙසී එය යට සිටියේය.
පන්දු 49 කට මුහුණ දෙමින් යෝධ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 65 ක් ලබාගත් තිසර දැවී යාමෙන් පසුව ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගියේ ලකුණු 2 කින් පමණි.
ලකුණු 16 කට කට කඩුලූ 3 ක් බිඳ වැටීමෙන් අසරණ වූ ශී‍්‍ර ලංකා පිලේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මහේල ජයවර්ධන (24) සහ දිනේෂ් චන්දිමාල් (29) ලකුණු 55 ක් එක්කළ නමුත් මහේල දැවී යාමත් සමගම ලකුණු 23 ක් තුළදී තවත් පිතිකරුවෝ තිදෙනෙක් ආපසු කී‍්‍රඩාගාරයට ගිය බැවින් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටිණ.
30 වැනි ඕවරය වන විට ඕවර 7 කදී ලකුණු 22 ක් පමණක් දුන් වමත් වේග පන්දු යවන්නා වන සොත්සොබී, ඒ වන විටත් ශී‍්‍ර ලංකා පිලේ වටිනාම කඩුලූ 4 දවාගෙන තිබිණ. එය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙසද සටහන් විය.
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු පිල ඕවර 45 ක් අවසානයේදී ලකුණු 167 කට සීමාකරගත් නමුත් ඬේවිඞ් මිලර් (නොදැවී 85) සහ රයාන් මැක්ලරන් (නොදැවී 14) එක්ව ඉනිමේ අවසන් ඕවර 5 දී ලකුණු 56 ක් උදුරාගත් නිසා දකුණු අපි‍්‍රකානු පිතිකරුවෝ ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 7 කට ලකුණු 223 ක් ලබාගත්හ.
අවසන් ඕවර 5 දී ලබාගත් ලකුණු 56 න් ලකුණු 45 ක් ම ලබාගත් වමත් පිතිකරු ඬේවිඞ් මිලර් ඒ සඳහා මුහුණ දුන්නේ පන්දු 17 කට පමණි. තිසර පෙරේරා සහ ලසිත් මාලිංග දෙදෙනා විසින් යවන ලද අවසන් ඕවර දෙකේදී දකුණු අපි‍්‍රකානුවන් ලකුණු 38 ක් උදුරා ගත් අතර එයින් ලකුණු 36 ක්ද මිලර් සතුවිය. මිලර්ගේ පන්දු 72 ඉනිම හතරේ පහර 4 කින් සහ දැවැන්ත හයේ පහර 5 කින් අලංකාර විය.
පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක ඕවර සංඛ්‍යාව කි‍්‍රයාත්මක වන විට දකුණු අපි‍්‍රකානුවන් කඩුලූ 5 ක් අතැතිව සිටි නමුත් තරගයේ 30 වැනි සහ 40 වැනි ඕවර අතරේදී සංචාරක පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 45 ක් පමණි. මෙම ඕවර 10 දී ඉතාමත් දැඩි පාලනයකින් යුතුව දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් ඇද බැඳ තබාගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
දකුණු අපි‍්‍රකානු පිලේ මැද පෙළ පිතිකරු ෆර්හාන් බෙහාර්ඞීන් දවාගැනීමත් සමගම අජන්ත මෙන්ඩිස් තමාගේ 100 වැනි එක්දින කඩුල්ල දවාගනිමින් ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් අතර අඩුම තරග සංඛ්‍යාවකින් එක්දින කඩුලූ 100 ක් දවාගත් පන්දු යවන්නා බවට පත්විය.
තරග 63 කින් කඩුලූ 100 ක් දවාගත් මෙන්ඩිස්ට පෙර තරග 68 කදී කඩුලූ 100 ක් දවාගත් ලසිත් මාලිංග එම වාර්තාවට හිමිකම් කීවේය.
තම පිලේ කඩුලූ 3 ක් ලකුණු 53 කට දැවී ගොස් තිබියදී එක්වූ නායක ඒ. බී. ඩිවිලියර්ස් සහ ෆෆ් ඩු ප්ලෙසී පන්දු 67 ක් තුළදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. දිනේෂ් චන්දිමාල්ගේ හොඳ පන්දු විසිකිරීමකින් ෆෆ් ඩු ප්ලෙසී දුවද්දී දැවී යන විට පන්දු 31 කට මුහණ දී ලකුණු 16 ක් පමණක් ලබා සිටියේය.
දෙපිල අතර මීළග තරගය අනිද්දා (28 වැනිදා) පැවැත්වේ.
ලකුණු පුවරුව
දකුණු අප‍්‍රිකාව
ඇලවයිරෝ පීටර්සන් - ඇ.සංගක්කාර ප.මාලිංග 8
කුයින්ටන් ද කොක් - ඇ.සංගක්කාර ප.තිසර පෙරේරා 20
ජේ. පී. ඩුමිනි - ප.තිසර පෙරේරා 23
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ.සංගක්කාර ප.මෙන්ඩිස් 47
ෆෆ් ඩු ප්ලේසී - දුවද්දී දැවී ගියා 16
ෆරහාන් බෙහාර්ඞීන් - ප.මෙන්ඩිස් 2
ඩෙවිඞ් මිලර් - නොදැවී 85
රොබින් පීටර්සන් - ප.මෙන්ඩිස් 3
රයන් මැක්ලරන් - නොදැවී 14
අතිරේක 5
එකතුව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 223
කඩුලු වැටීම:
1-14 (ඇලවයිරෝ පීටර්සන්), 2-50 (ද කොක්), 3-53 (ඩුමිනි), 4-95 (ඩු ප්ලේසී), 5-100 (බෙහාර්ඞීන්), 6-148 (ඞීවිලියර්ස්*), 7-154 (රොබින් පීටර්සන්)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
මෝනි මෝකල්, ලොන්වාබෝ සොත්සෝබි
පන්දු යැවීම:
ලසිත් මාලිංග : 10-0-57-1, ඇන්ජලෝ මැතිව්ස් : 5-1-17-0, තිලකරත්න ඩිල්ශාන් : 10-0-39-0, තිසර පෙරේරා : 8-1-51-2, අජන්ත මෙන්ඩිස් : 10-0-35-3, රංගන හේරත් : 7-1-21-0
ශ‍්‍රී ලංකාව
උපුල් තරංග - ඇ.ඇලවයිරෝ පීටර්සන් ප.සොත්සෝබි 5
තිලකරත්න ඩිල්ශාන් - ඇ.ඞීවිලියර්ස් ප.සොත්සෝබි 6
කුමාර් සංගක්කාර - ඇ.ඩුමිනි ප.සොත්සෝබි 0
මහේල ජයවර්ධන - ප.රොබින් පීටර්සන් 24
දිනේෂ් චන්දිමාල් - ඇ.ද කොක් ප.මැක්ලරන් 29
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.ඞීවිලියර්ස් ප.සොත්සෝබි 14
ඇන්ජලෝ පෙරේරා - ඇ.ඞීවිලියර්ස් ප.බෙහාර්ඞීන් 1
තිසර පෙරේරා - ඇ.ඩු ප්ලේසී ප.බෙහාර්ඞීන් 65
රංගන හේරත් - නොදැවී 12
ලසිත් මාලිංග - ප.බෙහාර්ඞීන් 0
අජන්ත මෙන්ඩිස් - ඇ.සොත්සෝබි ප.ඩුමිනි 0
අතිරේක 11
එකතුව ඕවර 43.2 කදී සියළු දෙනා දැවී 167
කඩුලු වැටීම:
1-14 (ඩිල්ශාන්), 2-14 (සංගක්කාර), 3-16 (තරංග), 4-71 (ජයවර්ධන), 5-78 (චන්දිමාල්), 6-81 (ඇන්ජලෝ පෙරේරා), 7-93 (මැතිව්ස්), 8-165 (තිසර පෙරේරා), 9-166 (මාලිංග), 10-167 (මෙන්ඩිස්)
පන්දු යැවීම:
මෝනි මෝකල් : 8-1-29-0, ලොන්වාබෝ සොත්සෝබි : 7-2-22-4, රයන් මැක්ලරන් : 6-1-18-1, රොබින් පීටර්සන් : 7-0-51-1, ජේ. පී. ඩුමිනි : 9.2-1-23-1, ෆරහාන් බෙහාර්ඞීන් : 6-0-19-3
- දමින්ද විජේසූරිය පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ සිට...
(ඡයාරූපය : ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.