Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ නව නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ චරිත් කපුකොටුව යගුලිය මීටර 17.55 දුරක් විසිකරමින් (පැරණි වාර්තාව මිටර 17.03) නව වාර්තාව පිහිටුවීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාර සඳරුවන් රිටි පැනීමේ ඉසව්වේදී මීටර 5.11 ක උසක් පනිමින් (පැරනි වාර්තාව මීටර. 5.10) නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක වන අන්නා ජෙගනේශ්වරන් රිටි පැනීමේ කාන්තා ඉසව්ව මීටර 3.46 කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තා බිහි කිරීමට සමත් වූවාය.
මෙම නව ශ්‍රී ලංකා වාර්තා තුනේම පැරණි වාර්තා අදාළ ක්‍රීඩකයන් දෙදෙනා සහ ක්‍රීඩිකාව සතුවීමද කැපී පෙනුණි
ජුලි 6 සිට 9 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 22 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට යැවෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම ඉලක්ක කරමින් මෙම තේරීම් තරගාවලිය පැවැත්විණි. මේ අතර ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් ඉසවු සඳහා පරිසාධන මට්ටමක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඊයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් එම පරිසාධන මට්ටම ඉක්මවාලීමට සමත්වූහ.
දිල්හානි ලේකම්ගේ (හෙල්ල) රුමේෂිකා රත්නායක (මීටර 100) එම්.ජි.ඒ.ප්‍රේමකුමාර (මීටර 400) දිලිප් රුවන් (මීටර 400) විනෝද් සුරංජය සිල්වා (මීටර 100) සහ ධනුක ලියනපතිරණ (දුර) අදාළ ඉසව්වල පරිසාධන මට්ටම ඉක්මවා ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.