Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරුවකු සොයා ගිය ගමනේදී හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා තරගාවලියේ ජය අනතුරේ හෙළාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත පිලට එරෙහිව හෙට (16 වැනිදා) රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන එක්දින තරගයේදී තිසර පෙරේරා කණ්ඩායමට කැඳවීමේ උපක‍්‍රමයක් සොයමින් සිටී.
”පිතිකරුවන් හත් දෙනකු කී‍්‍රඩා කිරීම නිසා තිසරට ස්ථානය අහිමි වුණා තමයි....”
”ඒත් මේ තරගයේදී ඔහු කී‍්‍රඩා කරවන්න ක‍්‍රමයක් අප සොයාගත යුතුයි” යයි රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද සවස පැවැති පුවත් පත් සාකච්ඡවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පළමු එක්දින තරග දෙකට නම් කළ කණ්ඩායමම කිසිදු වෙනස්කමින් තොරව මෙම තරගය සඳහාත් නම්කර තිබෙන නමුත් කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අශාන් පි‍්‍රයන්ජන් සහ සුරංග ලක්මාල් යන කී‍්‍රඩකයන් පස්දෙනාම මෙම තරගාවලියේ එකම තරගයක් හෝ කී‍්‍රඩා කර නැත.
කෙසේ වෙතත් හෙට තරගය සඳහා කිසියම් වෙනසක් කිරීමේ සූදානමකින් මැතිව්ස් පසුවෙයි.
”ලොකු වෙනසක් නෙමෙයි. ඒත් කිසියම් වෙනසක් වේවි” යයිද මැතිව්ස් පැවසීය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පැමිණි නියෝජිතයන් සමග ඊයේ (14 වැනිදා) පැවැති රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් දඹුල්ලට පැමිණෙන විට අද සවස් වී තිබිණ. හෙට තරගය දිවා තරගයක් වන හෙයින් අද පුහුණුවීම් කිරීමටද ඔව්හු උත්සුක නොවූහ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ සදාතනික සත්‍යය වන අවිනිශ්චිතතාව යළිත් වරක් මොනවට සනාථ කරමින් අවසන් වූ දෙවැනි එක්දින තරගයේදී නවසීලන්ත පිල කඩුලූ 4 කින් ජයගැනීමත් සමගම තමන්ගේ පිලට පීඩනයට ලක්වූ බව නායක ඇන්ලෝ මැතිව්ස් පැවසූයේ තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු අපේක්‍ෂා කළ ජයග‍්‍රහණය තවදුරටත් අත පොවන මානයේ නැති හෙයිනි.
මැතිව්ස් ඇතුළු පිරිසට දැන් ඉතිරිව ඇත්තේ තරගාවලිය පරාජයෙන් බේරා ගැනීම පමණි.
ඒ මතුපිටින් පෙනන්නට ඇති තත්ත්වයයි. එහෙත් එහි වඩාත් බැරූරුම් යථාර්ථය වන්නේ අද පැවැත්වෙන තරගයේ ප‍්‍රතිඵලය මත අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ සටහනේ ශී‍්‍ර ලංකා කණ්ඩායම අත්කරගෙන සිටින ස්ථානයද වෙනස් වීමට ඉඩ තිබෙන හෙයිනි.
ප‍්‍රසාද ලකුණු 110 ක් ලබා අන්තර්ජාතික ප‍්‍රසාද ලකුණු සටහනේ මේ වන විට සිවුවැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට හෙට තරගය ජයගත හැකි වුවහොත් සිවුවැනි ස්ථානය රැකගත හැකි නමුත් යම් හෙයකින් තරගයේ ජය අත්කරගැනීමට නවසීලන්ත පිල සමත් වුවහොත් ශී‍්‍ර ලංකා පිල පස්වැනි ස්ථානය දක්වා පල්ලම් බහිනු ඇත.
නවසීලන්ත නායක කයිල් මිල්ස් අද (15 වැනිදා) සවස ප‍්‍රකාශ කළේ තරගාවලිය ආරම්භ වීමට පෙරම තමන් ජයග‍්‍රහණය අපේක්‍ෂා කළ බවත් මේ වන විට 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටීම පිළිබඳව සතුටු වන බවත්ය.
”හෙටත් හොඳ තරගයක් කරන්න ලැබුණොත් අපට 2-0 ක් ලෙසින් තරගාවලිය දිනන්න පුළුවන්” යයිද කයිල් මිල්ස් ඊයේ පැවසීය.
ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් නොමැති නිසා නවසීලන්ත කණ්ඩායම දුර්වල වී ඇතැයි පැවසූවන්ට තම කී‍්‍රඩකයන් නිසි පිළිතුරු දුන් බවත් තමන්ගේ රට නියෝජනය කිරීමේ අවස්ථාව ලද තරුණ කී‍්‍රඩකයන් අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගත් බවත් නවසීලන්ත නායකයා වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් වර්තමානයේ පවතින එක්දින නීති රීති අනුව පන්දු යවන්නන්ගේ කාර්යය තරමක් අසීරු වී ඇති බවත් පවතින නීති රීති වලට අනුගත වීම විනා ඒ සම්බන්ධයෙන් කළහැකි වෙනත් යමක් නැති බවත් මිල්ස් පැවසීය.
”අවුරුදු හය හතකට ඉස්සරදී නම් තරමක් වේගය අඩු බවුන්සර් පන්දුවක් ගැන අහන්නවත් තිබුණේ නෑ. ඒත් දැන් ඒක සමාන්‍ය දෙයක් වෙලා” ”මේ වගේ දේවල් නිර්මාණය කරගනිමින් පන්දු යවන්නන් ඉදරියට යන්න ඕනෑ” යයිද මිල්ස් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ දිනවල සන්ධ්‍යාවේ පවතින දැඩි අඳුර හේතුවෙන් අද තරගයේදීත් වර්ෂාවෙන් බාධා ඇති නොවූවද ඩක්වර්ත් ලූවිස් න්‍යාය භාවිතයට ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය. තරගය පෙරවරු 10.00 ට ආරම්භ වන බැවින් අවසන් වීමට නියමිතව ඇත්තේ පස්වරු 5.45 ටය. එහෙත් පස්වරු 5.00 න් පසුව පවතින අඳුර කි‍්‍රකට් තරගයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක තිබේද යන්න සැක සහිතය.
ශී‍්‍ර ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ අශාන් පි‍්‍රයන්ජන්
නවසීලන්ත සංචිතය
කයිල් මිල්ස් (නායක), මිචෙල් මැක්ලීන්හැන්, ටොම් ලේතම්, ග‍්‍රාන්ට් එළියට්, ඇන්ඩෲ එලිස්, නේතන් මැකලම්, ඇන්ටන් ඩෙව්සිච්, කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆර්ඞ්, රොබ් නිකොල්, ජේම්ස් නීෂාම්, ලූක් රොන්කි, ඇඩම් මිල්න් සහ නීල් බෲම්
විනිසුරුවරු:
බෲස් ඔක්සන්ෆර්ඞ් ( ඕස්ටේ‍්‍රලියාව) සහ රුචිර පල්ලියගුරු (ශී‍්‍ර ලංකාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.