Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම ඉන්දියාව පරාජය කිරීමත් සමගින් බොහෝ දෙනා අනුමාන කළේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගනු ඇත කියාය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයත් පරාජය විය. මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා වූ තිසර පෙරේරා මෙම පරාජයට හේතුව ලෙසින් සඳහන් කළේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි.
දිනේෂ් චන්දිමාල් වෙනුවට තවත් පන්දු යවන්නකු කණ්ඩායමට කැඳවූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ලකුණු 152 විස්සයි-20 තරගයකදී ආරක්‍ෂාකරගත හැකි ලකුණු සංඛ්‍යාවක් නොවීය.
“කලින් තරග දෙකේදීම අපට අංක 7 සහ 8 ස්ථාන වෙනුවෙන් පිතිකරුවන් ඕනෑ කළේ නෑ. අපි හිතුවේ අපට පිතිකරුවන් ඇති කියලයි...ඒත් මේ තරගයේදී අපේ පිතිකරුවන් වැඬේ හරියට කළේ නෑ” යයි තිසර පෙරේරා සඳුදා තරගයෙන් අනතුරුව පැවසීය.
කාසියේ වාසිය අහිමි වූ නමුත් තරගයේ 12 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා පිලට ඉදිරියෙන් ලකුණු 113 ක් සටහන් වී තිබිණ. එහෙත් 12 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී තිසර පෙරේරා දැවී යාමත් සමගින් ලකුණු 38 ක් ඇතුළත තවත් පිතිකරුවෝ පස් දෙනෙක් දැවී ගියහ.
“මාත් වගකීම බාරගන්න ඕනා.... ආරම්භයේදී මම හොඳින් පන්දුවට පහර දුන්නත් මටත් ඒක දිගටම කරගෙන යන්න බැරිවුණා. මම උත්සාහ කළේ සීමාවෙන් එහාට පන්දුව යවන්නයි. ඒත් කුසල් මෙන්ඩිස් එක්ක අපිට වඩාත් හොඳන් පන්දුවට පහර දෙන්න තිබුණා” යයි හයේ පහර දෙකකින් සිය ඉනිම ඇරඹූ තිසර පෙරේරා පැවසීය.
තිසර පෙරේරා මෙම තරගයේදී නායකත්වය බාරගත්තේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පැනවුණ බැවිනි. ඉකුත් සෙනසුරාදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී නියමිත කාලය ඇතුළත යැවිය යුතු ඕවර සංඛ්‍යාවෙන් 4 ක් අඩුවීම නිසා චන්දිමාල්ට විස්සයි-20 තරග දෙකක් තහනම් කෙරිණ.
කාසියේ වාසිය දිනාගත් රෝහිත් ෂර්මා කිසිදු පැකිළීමකින් තොරව පන්දු යැවීම තෝරාගත් නමුත් ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග තිදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට නොබියව මුහුණ දුන්හ.
“කුසල් මෙන්ඩිස් හරි අපූරුවට පන්දුවට පහර දුන්නා. ඒත් කියන්න කණගාටුයි, අපේ ලකුණු සංඛ්‍යාව මේ වගේ තණතීරුවකදී ආරක්‍ෂා කරගන්න පුළුවන් තරමේ එකක් නෙමේ. මේක පිතිකරුවන්ට අතිශයින් යෝග්‍ය තණතීරුවක්”
“අපිට ලකුණු 25 ක් 30 ක් මදිවුණා. අපේ පරාජයට මූලික හේතුව ඒක තමයි. කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නත් අනෙක් අයට තමන්ගේ කාර්යය හරියට කරගන්න බැරිවුණා” යයිද තිසර පෙරේරා පැවසීය.
“ඇත්තම කියනවා නම් අපේ පළමු තරගය (ඉන්දියාවට එරෙහිව) දිහා බැලුවොත් ඒ තරගයේදී අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මමයි දසුනුයි තමා තරගය ඉවර කළේ. අන්තිම තරග දෙකේදී හැරෙන්නට අපේ පිතිකරුවන් හොඳින් ලකුණු ලබාගත්තා”
“අපේ පිතිකරුවන් හරියට පන්දුවට පහර දුන්නේ නෑ. පරාජයට ලොකුම හේතුව ඒකයි” යයි කී තිසර පෙරේරා....
“ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ කඩුලු දෙක තුනක් බිඳ වැටුණා. ඒ වෙලාවේ අපිට ටිකක් අල්ලගෙන ඉන්න තිබුණා. අපි එහෙම කළා නම්, අපට ලකුණු 180 ක් විතර ලේසියෙන් ගන්න තිබුණා. මේ වගේ තණතීරුවකදී තරගයක් දෙන්න නම් පන්දු යවන්නන්ටත් ලකුණු 175 ක් විතර තියෙන්න ඕනෑ. ඒත් ඒ වෙනුවෙන් අපි පන්දුවට පහර දුන්නේ නෑ” යයි ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුන තැන තිසර පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම සම්බන්ධයෙන්ද පවතින්නේ තරමක අවිනිශ්චිත විශ්වාසයකි.
නිදහස් කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග වලදී අඩුවෙන්ම ප්‍රහාරයට ලක්වූ පන්දු යවන්නන් 10 දෙනා අතර සිටින්නේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පමණි. එහි පස්වැනි ස්ථානයේ සිටින ධනුෂ්ක ගුණතිලකගේ ඕවර 5 කින් පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 38 කි. ඕවරයකදී ලකුණු 7.60 කි. එහි හත්වැනි ස්ථානයේ සිටින අඛිල ධනංජය යැවූ ඕවර 11 න් ලබාගත් ලකුණු සංඛ්‍යාව 92 කි. ඕවරයකදී ලකුණු 8.36 කි. මේ දෙදෙනාම එක්ව තරග තුනකදී දවාගෙන ඇත්තේ කඩුලු 3 ක් පමණි.
නිදහස් කුසලාන තරගාවලියේදී පිතිකරුවන් පාලනය කරගැනීම අතින් වඩාත්ම සාර්ථක පන්දු යවන්නන් අතර ජීවන් මෙන්ඩිස් (11), තිසර පෙරේරා (12), සුරංග ලක්මාල් (14), දුෂ්මන්ත චමීර (17) සහ නුවන් ප්‍රදීප් (19) යන සියලු දෙනාම හිමිකරගෙන ඇත්තේ 10 වැනියාගෙන් පහළ ස්ථානය. නිදහස් කුසලාන තරගාවලයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නකුගේ ඕවරයකින් ලබාගත් ලකුණු සංඛ්‍යා පිළිවෙලින් සටහන් වන්නේ 8.88 (ජීවන් මෙන්ඩිස්), 9.00 (තිසර පෙරේරා), 9.50 (සුරංග ලක්මාල්), 10.00 (දුෂ්මන්ත චමීර) සහ 11.50 (නුවන් ප්‍රදීප්) වශයෙනි.
ශ්‍රී ලංකා පිතිකරුවන් ඕවර 20 කදී ලබාගත් ලකුණු 214 හඹා යමින් බංග්ලාදේශ පිතිකරුවන් වාර්තාගත ජයක් ලබාගත්තේ එවන් තත්ත්වයක් තිබියදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.