Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අහ්මදාබාද්හිදී සාර්දාර් පටෙල් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස හෙට (06) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය පිල කටාක්හිදී පැවැති පළමු තරගයෙන් ලකුණු 169 ක ජයක් ලබමින් 1-0 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි. ඉන්දියාව එම ජයග‍්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණි අතර ඕස්ටේ‍්‍රලියාව තෙවැනි ස්ථානයට වැටුණි. ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ වන විටත් සිවුවැනි ස්ථානයේ පසු විය.
හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කීපයක් කිරීමේ සූදානමක් ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් ඊයේ (05) කළ විමසුමකදී පැවසුවේ අද පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කිරීමෙන් පසුව ක‍්‍රීඩා කරන 11 නම් කරන බවයි. පළමු තරගයට ක‍්‍රීඩා කළ උපුල් තරංගගේ ස්ථානයට යොවුන් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා කැ`දවීමට බොහෝ ඉඩ තිබේ.
හෙට තරගයේදී වේග පන්දු යවන ධම්මික ප‍්‍රසාද්ට ස්ථානය ලැබීම පිළිබදව එතරම් බලාපොරොත්තු තැබිය නොහැකිය. ධම්මිකගේ හෝ තිසරගේ ස්ථානයට ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නකු වන නුවන් කුලසේකර කැදවීමේ සූදානමක්ද නැතුවා නොවේ.
ශ්‍රී ලංකාව පළමු තරගයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඕනවාටත් වඩා පුහුණුවීම් කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පළ වීම පිළිබදව ශ්‍රී ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා මෙසේ පැවසීය.
”එහෙම පුහුණුවීම් කළේ නෑ. අවශ්‍ය තරම් පුහුණුවීම් කළා. අඩුවෙන් කළෙත් නෑ. වැඩියෙන් කළෙත් නෑ”
අහ්මදාබාද්හිදී ඊයේ පුහුණු සැසියෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පැවසුවේ ඉන්දීය කණ්ඩායම තම රටේ තරගාවලියක් පැවැත්වෙන අවස්ථාවේදී පළමු තරගයේදීම වාසියක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවයි.
”එක තරගයකදී කළ වැරදි නිසා පරාජය වුණා. එකම ප‍්‍රතිවාදියාට හැම තිස්සෙම ආසාර්ථක වෙන්නේ නෑ. හැම තරගයේදීම ප‍්‍රතිවාදීන්ට ලකුණු 300 ක් ගහන්නත් බෑ. අපි සුපුරුදු දස්කම්වලට පැමිණ තරගාවලියේ ඉදිරියට යනවා” යැයි ඩිල්ෂාන් වැඩි දුරටත් පැවසීය.
පළමු තරගයට ක‍්‍රීඩා කළ ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක වරුන් ඒරන් ආබාධයකට ලක්වීම නිසා අද තරගයේදී තුන් ඉරියව් ක‍්‍රීඩක ස්ටුවට් බිනි ක‍්‍රීඩා කිරීමට සූදානමි සිටියි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, කුසල් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අෂාන් ප‍්‍රියංජන්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, සීකුගේ ප‍්‍රසන්න, ළහිරු ගමගේ, සුරාජ් රන්දීව්, චතුරංග ද සිල්වා
ඉන්දීය සංචිතය :
විරාට් කෝලි (නායක), ශීකර් දාවන්, මුරලි විජේ, සුරේෂ් රයිනා, රවීන්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, රිඩිමන් සාහා, අමිට් මිෂ්රා, අජින්ක්‍යා රහනේ, අම්බාටි රයිදු, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදේව්, අක්ෂර් පටෙල්, දාවල් කුල්කාර්නි සහ වරුන් ඒරන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.