Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරංගගේ පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය

තරංගගේ පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

උපුල් තරංගගේ සාර්ථක ආරම්භය නිසා ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කෙන්යානු පිලට එරෙහිව කොළඹ සී. සී. සී. පිටියේදී අද (02 වැනිදා) පැවැති හයවැනි වි:20 තරගයේ දී කඩුලූ 5 ක ජයක් අත්කර ගත්තේය.

පන්දු හතරක් ඉතිරිව තිබියදී නියමිත ඉලක්කය පසුකර යාමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සමත් විය.

ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්වූ උපුල් තරංග යළිත් සුපුරුදු දස්කම් අතරට පැමිණ, පන්දු 45 කින් ලකුණු 48 ක් ලබාගත්තේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කරමිනි. මහේල උඩවත්ත සමග එක්ව ඕවර 11.3 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් එක්කළ තරංග සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් ඒ වන විටත් කණ්ඩායමට ජයග‍්‍රහණයේ මාවත විවර කර දී තිබිණ.

කෙසේ වුවත් ඉතා පහසුවෙන් ලබාගත හැකිව තිබූ ජයක් පසුපෙළ පිතිකරුවන් අසීරුවන් ලබාගත්තේ පන්දු 44 කදීතවත් කඩුලූ 4 ක් අහිමි කරගත් හෙයිනි.
ඉර්ෆාන් කරීම්ගේ (නොදැවී 53) ධෛර්යවත් පිතිහරඹය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් කෙන්යානු පිල නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 131 ලබාගැනීමට සමත් විය.

ආරම්භයේදීම අමාරුවේ වැටුනු කෙන්යානු කණ්ඩායම ඕවර 4 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 14 ක් පමණක් ලබා සිටියද අංක 4 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි ඉර්ෆාන් කරීම් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියේය. 10 වැනි  ඕවරය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටි කෙන්යානු පිල අවසන්  ඕවර 10 දී ලකුණු 81 ක් ලබාගත්තේය. පන්දු 55 කට මුහුණ දුන් කරීම්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහරක් සහ හයේ පහරක් පමණි.

කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කෙන්යානු පිලට පැවරීය. කෙන්යානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම  ලකුණු නොලබා දැවී ගිය අතර ඉෂාන් ජයරත්න සහ ළහිරු ජයරත්න කඩුලූ දෙකක් බැගින් ලබාගත්හ. මෙතෙක් පැවැති තරග 6 න් තරග 5 කම ජය ශී‍්‍ර ලංකා පිල සතු වී තිබේ.  

 

ලකුණු පුවරුව

(ඡායාරෑපය - ශාන්ත රත්නායක)


අදහස් (0)

තරංගගේ පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.