Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උපුල් තරංගගේ (127) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 3 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම අද (11 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 47.4 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ශතකයක් ලබාගනිමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 121 කට මුහුණදුන් තරංග හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 127 ක් රැස් කළේය.
උපුල් තරංගට අනගි සහයක් ලබාදුන් සම්මු අශාන් පන්දු 67 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
රමිත රඹුක්වැල්ල සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ උපුල් තරංග සිවුවැනි කඩුල්ල සදහා සම්මු අශාන් සමගින් එක්ව ලකුණු 113 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.
අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ සීකුගේ ප්‍රසන්න පන්දු 16 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
සචිත් පතිරණ, ප්‍රභාත් ජයසූරිය සහ චරිත් අසලංක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 272 ක් රැස්කිරීමට සමත්විය.
අර්ධ ශතක ලබාගනිමින් මහනුවර කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට චරිත් අසලංක සහ මිනෝද් භානුක සමත්වූහ.
මිනෝද් භානුක පන්දු 83 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 82 ක් රැස්කළ අතර චරිත් අසලංක පන්දු 58 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.
චරිත් අසලංක සහ චාමර කපුගෙදර එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර හයවැනි කඩුල්ල සදහා ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මිනෝද් භානුක සහ ජීවන් මෙන්ඩිස් සමත්වූහ.
සිය ඕවර 10 ලකුණු 41 කට සීමාකළ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් දවාගත්තේය.
මහනුවර කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 272
(චරිත් අසලංක 55, මිනෝද් භානුක 82, අජන්ත මෙන්ඩිස් 43, සචිත් පතිරණ 25, මාලින්ද පුෂ්පකුමාර 41/4, ධම්මික ප්‍රසාද් 71/2)
ගාල්ල කණ්ඩායම - ඕවර 47.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 276
(රමිත් රඹුක්වැල්ල 34, උපුල් තරංග 127, සම්මු අශාන් 51, සීකුගේ ප්‍රසන්න නොදැවී 34, සචිත් පතිරණ 41/2, ප්‍රභාත් ජයසූරිය 42/2, චරිත් අසලංක 46/2)
ගාල්ල - මහනුවර අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.