Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරග තීරක වනිඳුට තරවටු කරයි
සුදුසුකම් තේරීමේ තරගාවලිය

තරග තීරක වනිඳුට තරවටු කරයි

editorial - 2023 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහායක පිරිස් වෙනුවෙන් ඇති විනය නීති මාලාව කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට තරවටු කිරීමට තරග තීරකවරයා පියවර ගෙන ඇත.

නෙදර්ලන්තයට එරෙහිව සිකුරාදා (30 වැනිදා) පැවැති තරගයේදී දැවී යෑමෙන් අනතුරුව ක්‍රීඩාගාරය බලා යෑමේදී වනිඳු, හතරේ සීමාව දක්වා ඇති දැන්වීම් පටියකට අවේගශීලී ලෙස තමාගේ පිත්තෙන් පහරදීම හේතුවෙන් තරග තීරකවරයා ඔහුට මෙම තරටවු කිරීම කර තිබේ.

එහිදී වනිඳු, ආචාර්ය ධර්ම පද්ධතියේ 2.2 වගන්තිය කඩ කර ඇති අතර ‘ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩා උපකරණ, ඇදුම් පැළඳුම්, ක්‍රීඩාංගණයේ සවිකර ඇති උපාංග හෝ උපකරණ අනිසි ලෙස භාවිතා කිරීමf හා් ඊට හානි කිරීම’ එම වගන්තියට අන්තර්ගත වේ. එය පළමු මට්ටමේ වරදක් වන බැවින් ඔහුට දඬුවම් ලකුණක් ලබාදීමටද තරග තීරකවරයා කටයුතු කර ඇත.

සිදුවීම අදාලව වනිඳු වරද පිළිගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවනු ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ මාටින් සැගර්ස්, ග්‍රෙග් බ්‍රැත්වේට් සහ තෙවැනි විනිසුරු ජයරාමන් මදන්ගෝපාල් යන මහත්වරු තරග තීරක ශයීඩ් වද්වලා මහතා හමුවේ මෙම සිදුවීමට අදාලව වනිඳුට එරෙහිව චෝදනා ගොනුකර ඇත.


-036


අදහස් (0)

තරග තීරක වනිඳුට තරවටු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.