Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරගයේ වාසිය ඕස්ට්‍රේලියාවට - මූල්‍යමය වාසිය ශ්‍රී ලංකාවට

තරගයේ වාසිය ඕස්ට්‍රේලියාවට - මූල්‍යමය වාසිය ශ්‍රී ලංකාවට

editorial - 2025 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සූදානම් කර තිබූ තනි එක්දින තරගය වෙනුවට එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කැමැත්ත පළකර තිබේ. වැඩිපුර එක්දින තරගයක් ක්‍රීඩා කිරීමේ වාසිය ඕස්ට්‍රේලියානුවන්ට වන නමුත් එහි මූල්‍යමය වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවටය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය තවමත් අලුත්වැඩියා කෙරෙමින් පවතින බැවින් ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව සූදානම් කර තිබූ එකම එක්දින තරගය සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. එහෙත් කොළඹ සිට පවතින දුර ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙන් පසුව, සූරියවැවදී සහභාගි වන තරගය වෙනුවට කොළඹදී එක්දින තරග දෙකකට සහභාගිවීමට ඕස්ට්‍රේලියානුවන් කැමැත්ත පළකර තිබේ.

මෙම තරග දෙක පෙබරවාරි මස 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකම දිවා තරග ලෙසින් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයක් ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලකට අළෙවි කළ හැකිය. විශේෂයෙන්ම මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග දෙකම දිවා තරග වන බැවින් එහි වටිනාකම වඩාත් ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වේලාවේ වෙනස පැය 5 ක් පමණ වන බැවින් ශ්‍රී ලංකාවේදී දිවා තරගයක් පැවැත්වෙන විට ඕස්ට්‍රේලියාවේ වැඩි ප්‍රේක්‍ෂක සංඛ්‍යාවකට තරගය නැරඹීමේ අවස්ථාව තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසුව, ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමට පාකිස්තානය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි නොවන බැවින් වැඩිපුර එක්දින තරගයක් ක්‍රීඩා කිරීමේ වාසිය ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ටය.

ශ්‍රී ලංකාවට ඇත්තේ එම තරගය රූපවාහිනී නිෂ්පාදන (සෝනි) සමාගමට අළෙවි කිරීමෙන් ලැබෙන මූල්‍යමය වාසියයි.

 

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාල සටහන

ජන 29 - පෙබ 02 - 1 වැනි ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී
පෙබ 06 - පෙබ 10 - 2 වැනි ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී
පෙබ 12 - 1 වැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
පෙබ 14 - 2 වැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

 


අදහස් (1)

තරගයේ වාසිය ඕස්ට්‍රේලියාවට - මූල්‍යමය වාසිය ශ්‍රී ලංකාවට
  • Pradeep Kumara Thursday, 16 January 2025 08:52 PM

    අපේ ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් ක්‍රීඩකයින් තෝරා ගන්නා ආකාරය බැලුවාම කොහොමත් තරඟවල වාසිය ඔස්ට්‍රේලියාවට තමයි. නමුත් මූල්‍යමය අතින් හරි අපේ රටට වාසියක් වෙනවානේ, ඒ මදැයි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.