Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තර්ස්ටන් පිලට මහවිතානගෙන් ශතකයක්

තර්ස්ටන් පිලට මහවිතානගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භවූ ‘55 වැනි සොහොයුරන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී තර්ස්ටන් පිල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ජයවිහාන් මහවිතාන සමත් වූයේය. ඉනිම පුරාම නොදැවී සිටි මහවිතාන ලකුණු 125 ක් ලබාගත්තේය.

තර්ස්ටන් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 314 ක් ලබාගත් අතර පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් රැස්කර සිටියේය.

දිනය නිමාවනවිට පන්දුවට පහරදෙමින් සිටින සංජුල අබේවික්‍රම නොදැවී ලකුණු 44 ක් සහ අයන සිරිවර්ධන නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
 
පළමු ඉනිමේදී කණ්ඩායම් දෙකටම පන්දුවට පහරදීම ඕවර 60 කට සීමා කර තිබීම මෙම තරගයේ විශේෂත්වයකි. මහවිතාන පන්දු 146 කට මුහුණදුන් අතර හතරේ පහර 12 කින් සහ හයේ පහර හතරකින් ඔහුගේ ඉනිම අලංකාර කළේය. ජයවිහාන් මහවිතානට අනගි සහයක් දුන් නිමේෂ් පෙරේරා (52) සහ සවන් ප්‍රභාෂ් (50) අර්ධ ශතක රැස්කරමින් තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම ඉදිරියට යාමට සමත්වූහ.

සිවුවැනි කඩුල්ල සදහා නිමේෂ් පෙරේරා සමගින් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජයවිහාන් මහවිතාන පස්වැනි කඩුල්ල සදහා සවන් ප්‍රභාෂ් සමගින් ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීය.

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ඛලීක් අමත් ලකුණු 56 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
හෙට (24 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 314
(ජයවිහාන් මහවිතාන නොදැවී 125, නිමේෂ් පෙරේරා 52, සවන් ප්‍රභාෂ් 50, නිපුන් ලක්ෂාන් 38, ඛලීක් අමත් 56/2)

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 120
(සංජුල අබේවික්‍රම නොදැවී 44, අයන සිරිවර්ධන නොදැවී 22, නිපුන් ලක්ෂාන් 32/2)    

 

නිපුන් ලක්ෂාන්

නිමේෂ් පෙරේරා

කලික් අමිත්

අයන සිරිවර්ධන

සවන් ප්‍රබාෂ්

ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

තර්ස්ටන් පිලට මහවිතානගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.