Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරුණ කී‍්‍රඩකයන් රැසක් පිරිවරාගෙන අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙකකට සහ එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (2 වැනිදා) අයර්ලන්තය සහ එංගලන්තය බලා පිටත්ව යයි.
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙක මේ මස 6 වැනිදා සහ 8 වැනිදා ඩබ්ලින් නුවරදී පැවැත්වෙන අතර එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන එකම විස්සයි:20 අන්තර්ජාතික තරගයට පෙර එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායම් වලට එරෙහිව පුහුණු එක්දින තරග 3 ක් පැවැත්වේ.
අයර්ලන්ත සංචාරය සඳහාත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි:20 තරගය සඳහාත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරාගනු ලැබ ඇත්තේ වසර 2015 සිට ඉදිරියට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වගකීම බාරගැනීමට සමත් වේ යයි සිතන තරුණ කී‍්‍රඩකයන් පිළිබඳ වැඩි අවධානය යොමු කරමිනි.
අයර්ලන්තය තවමත් ටෙස්ට් වරම් නොලද රටක් වන හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන් සහ රංගන හේරත් එම කණ්ඩායමට ඇතුළත් කර නැත. ඔවුන් වෙනුවට කුසල් ජනිත් පෙරේරා, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, සුරංග ලක්මාල්, සහ නිරෝෂන් දික්වැල්ල වැනි යොවුන් කී‍්‍රඩකයෝ අයර්ලන්ත සංචාරයට සඳහා ඇතුළත්ව සිටිති.
නායකත්වයේ වගකීම් වලින් මුදාහැර සිටින හෙයින් තේරීම් කමිටු නිලධාරීහු දිනේෂ් චන්දිමාල්ගෙන්ද සුපුරුදු දස්කම් අපේක්‍ෂා කරති. බංග්ලාදේශයට පෙර පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව පැවැති එක්දින තරග 6 කදී චන්දිමාල් ලබාගත්තේ ලකුණු 131 ක් පමණි. පිතිකරුවකු වශයෙන් අසාර්ථක වීම නිසා විස්සයි:20 කණ්ඩායමේ නායකත්වයද අහිමි කරගත් නමුත් දිනේෂ් චන්දිමාල් යනු ශී‍්‍ර ලංකා අනාගතයේදී ශී‍්‍ර ලංකා පිලේ ලකුණු රැස්කිරීමේ වගකීම කරතියාගෙන යා හැකි තරමේ පිතිකරුවෙකි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව නායකයා සහ උපනායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න දෙදෙනාගෙන් වඩාත් වගකීම් සහගත තරගාවලියක් කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. මෙය ඔවුන් දෙදෙනාගේම අනාගත වඩාත් ස්ථාවර කරගතහැකි තරගාවලියකි.
විස්සයි:20 ලෝක කුෂලාන දිනාගැනීමෙන් පසුව ආත්මවිශ්වාසයේ මුදුන් හිණිපෙතටම නැග සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම හදිසියේම හැරයාමට පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා තීරණය කළ නමුත් කණ්ඩායමේ දස්කම් කෙරේ එයින් විශාල බලපෑමක් ඇති නොවනු ඇතැයි හිටපු නායක මහේල ජයවර්ධන ‘ඬේලි මිරර්’ පුවත් පතට පවසා තිබිණ.
එහෙත් කුමාර් සංගක්කාර ප‍්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ පෝල් ෆාබ්‍රේස් නික්මයාම විශාල පාඩුවක් බවත් ඔහු නැවත කණ්ඩායමට එක්වීමේදී කණ්ඩායමේ සියලූ දෙනාම මහත් සතුටු වූ බවත්ය.
”ඔහු ඉතාමත් හොඳ කෙනෙක්. ඔහු ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කරන ආකාරය හොඳින් වටහාගත්තා විතරක් නොවේ ඔහුගේ දායකත්වය අපට ඉතාමත් වැදගත් වුණා”
”ඔහු යන්න ගියේ අවාසනාවන්ත තත්ත්වයක් යටතේයි. ඒකනම් ඒ තරම් හරිනෑ. ඒත් ඒක එංගලන්ත පිලේ වාසියට හිටීවි. ඔහු ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්” යයිද සංගක්කාර ප‍්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.
අයර්ලන්ත සංචාරය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, සචිත‍්‍ර සේනානායක, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, අජන්ත මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.