Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරුෂිට-නදීෂාට ඔලිම්පික් වරම්
පැරිස් ඔලිම්පික් - 2024

තරුෂිට-නදීෂාට ඔලිම්පික් වරම්

editorial - 2024 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තරුෂි දිල්සරා කරුණාරත්න හා නදීෂා දිල්හානි ලේකම්ගේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ඊයේ (2) අවස්ථාව හිමිකර ගත්හ.

තුරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා ලේකම්ගේ  හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට මෙසේ අවස්ථාව උදාකර ගත්හ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ඊයේ රාත්‍රී මෙම ප්‍රතිඵල තහවුරු කර සිටියේය. දෙදෙනා ඒ සඳහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදාකර ගැනීමට එහිදී සමත්වීම කැපී පෙණුනි.

එම ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සඳහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේ 26 වැනි ස්ථානයටද මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුණි කරුණාරත්න ක්‍රීඩිකාවන් 45 දෙනා අතරින් 45 (අවසන්) ස්ථානයටද පත්වෙමින් එම අවස්ථාව හිමි කරගෙන සිටිති.

පැරිස් නුවරදී ජූලි 2 වැනිදා ආරම්භ වන 33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් මලල ක්‍රීඩා පිරිමි ඉසව් වෙතින් ක්‍රීඩකයකු නිර්දේශ කර ගැනීමේ අවස්ථාවද සැලසී තිබේ. එම අවස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන්  ප්‍රියදර්ශ  අබේකෝන්ට හිමිව තිබේ.

එම අවස්ථාව ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අරුණ දර්ශන හිමි කර ගැනීමට අපොහොසත් වුවහොත් පමණක් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ යුපුන්  අබේකෝන්ට හිමි වීමට නියමිතය.

කෙසේ වුවත් මේ වන විට ඉතාලියේ සිට දිවයිනට පැමිණ සිටින යුපුන් පාදයක මස් පිඬු ආබාධයකින් පසුවන බැවින් ඔහුට පැරිස් ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කර ගැනීම සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවී තිබේ.

මේ වන විට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පමණි.

 


අදහස් (0)

තරුෂිට-නදීෂාට ඔලිම්පික් වරම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.