Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
බැංකොක් නුවරදී ඊයේ (25) රාත්‍රීයේදී නිමාවට පත්වූ ආසියානු කුසලාන (2027) නිර්දේශ තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1 - 0 කින් පරාජයට පත් විය.ඒ අනුව ශ්‍රී ලංකාව වසර 31 කට පසුව තායිලන්තය පරාජය කිරීමට දැරූ උත්සහයත් අසාර්ථක විය.
කෙසේවූවත් තායිලන්තය ගෝලය වාර්තා කළ එම පන්දු පහර සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් පැන නැගුණු අතර එය විනිසුරුගේ දෝෂ සහගත තීරණයෙන් ගෝලයක් වූ බවට ශ්‍රී ලංකාවෙන් චෝදනවක් එල්ල විය.මෙම තරගය නැරඹීම සදහා බැංකොක් නුවර රාජමංගල ක්‍රීඩාංගණයට17000 කට අධික පිරිසක් රැස්ව සිටියහ.
කෙසේවූවත් ප්‍රබල තායිලන්ත කණ්ඩායමට එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වඩාත් හොද සටනක් දීමට සමත්වීම ඊයේ තරගය පුරා කැපී පෙණුනි.මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාව දැරූ උත්සහය අසාර්ථක වූයේ 43 වැනි විනාඩියේදී පැට්ට්‍රික් ගුස්ටාව්සන් ශ්‍රී ලංකා දැල් රකින්නාවූ නායක සුජාන් පෙරේරා අභිබවමින් දැල තුළට එල්ල කළ පහරත් සමගිනි. ඒ 26 හැවිරිදි මෙම ක්‍රීඩකයා ජාත්‍යන්තර තරග 11 කට සහභාගි වෙමින් වාර්තා කළ අට වැනි ගෝලයයි.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව තායිලන්තය 97 වැනි ස්ථානයේ පසු වෙමින් මෙම තරගයට සහභාගි වන විට ශ්‍රී ලංකාව එහි පසු වූයේ 200 වැනි ස්ථානය තරම් ඔවුන්ට සාපේක්ෂව වඩාත් පහළ ස්ථානයක පසු වෙමිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු හා තායිලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලබමින් ඊයේ තරගයේදී කහ කාඩ් පත ලැබීය.ඊයේ තායිලන්තයට පරාජයවීම තුළ ආසියානු කුසලාන (2027) අවසන් වටයට සුදුසුකම් ලැබීමේ මෙම තරග වටයේ ශ්‍රී ලංකාවේ ආරම්භය වඩාත් දුෂ්කර තත්වයකට හැරී තිබේ. එසේ ශ්‍රී ලංකාව අවසන් වටයට නිර්දේශ ලැබීමට නම් ඉතිරිව තිබෙන තරග පහම ජය ගැනීම වැදගත් වේ. එහිදී නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට යළිත් කොළඹදී තායිලන්තය මුණ ගැසීමට නියමිතය. ප්‍රබල තායිලන්ත කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයට ජපාන ජාතික ප්‍රධාන පුහුණුකරු මසටාඩෝ ඉෂී මහතා හැරෙන්නට තවත් ජපන් ජාතික සහය පුහුණුකරුවන් තිදෙනෙකු හා බ්‍රසීල ජාතික පුහුණුකරුවකුගේ සේවය ලැබේ. 1993 දී පැවැති තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරාජය කර තිබේ. එයින් පසුව ශ්‍රී ලංකාව ඊයේ දක්වා දෙරට මුහුණ දුන් තවත් තරග හතරකදීම වැඩි ගෝල පරතරයකින් පරාජයවී තිබෙන තත්වයක් තුළ මෙම ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම හමුවේ වඩාත් අවම හානියක් තුළ ඊයේ ශ්‍රී ලංකාව පරාජයට පත්වීම අගය කළ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.