Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තීක්‍ෂණ වෙනුවට ආරච්චිගේ එයි
ආසියානු කුසලාන 2023

තීක්‍ෂණ වෙනුවට ආරච්චිගේ එයි

editorial - 2023 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්‍ෂණට ආසියානු කුසලාන අවසන් තරගය අහිමි වෙයි. ඔහු වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ආසියානු කුසලාන අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (17 වැනිදා) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පාකිස්තානයට එරෙහිව පැවැති සුපිරි 4 වටයේ තරගයේදී මහීෂ් තීක්‍ෂණගේ දකුණු පාදයේ කළව මස්පිඬුවක් ඉරී ගියේය. වෛද්‍ය පරීක්‍ෂණ වලින් සනාථ වී ඇත්තේ ඔහු තරග කිරීමට තරම් සුදුසු තත්ත්වයක නොසිටින බවයි.

ආසියානු කුසලාන තරගාවලිය පුරාම සාර්ථක දස්කම් දැක්වූ මහීෂ් තීක්‍ෂණ, තරග 5 කදී කඩුලු 8 ක් දවාගනිමින්, කඩුල්ලක් සඳහා ලකුණු 29.12 ක සාමාන්‍යයක් පවත්වාගෙන ගියේය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සහන් ආරච්චිගේ වමතින් පිත්ත හසුරුවන, පිට දඟ පන්දු යවන්නෙකි. ඔහු තවමත් සහභාගි වී ඇත්තේ එක්දින තරග දෙකකට පමණි.


අදහස් (0)

තීක්‍ෂණ වෙනුවට ආරච්චිගේ එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.