Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය. හරාරේ ක්‍රීඩාගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගනිමින් පාකිස්තානය එම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. මාකස් ස්ටොයිනිස් යැවූ අවසන් ඕවරයේ දෙවැනි පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කළ අසීෆ් අලී පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ෆකාර් සමාන් පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 91 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ෂොයිබ් මලික් (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 107 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද ෆකාර් සමත් විය.
පන්දු 37 කට මුහුණදුන් ෂොයිබ් මලික් හයේ පහරකින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර නායක සර්ෆරාස් අහමඞ්ද පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම් ජයග්‍රහණය සඳහා සිය දායකත්වය සැපයීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩි’ආසි ෂෝට් (76) සහ නායක ඒරන් ෆින්ච් (47) සමත් වූහ. පන්දු 53 කදී වාර්තා වූ ෂෝට්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 27 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් අමීර් සිය ඕවර 4 තුළදී කඩුලු 3 ක් බිඳහෙළුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 33 ක් ලබාදෙමිනි. ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා අමීර්ට අනගි සහයක් දුන් ශඩාබ් ඛාන් ලකුණු 38 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 183
(ඩි’ආසි ෂෝට් 76, ඒරන් ෆින්ච් 47, මාකස් ස්ටොයිනිස් 12, ට්‍රැවීස් හෙඞ් 19, මොහොමඞ් අමීර් 33/3, ශඩාබ් ඛාන් 38/2)
පාකිස්තානය - ඕවර 19.2 කදී කඩුලු 4 ක් දැවී 187
(ෆකාර් සමාන් 91, සර්ෆරාස් අහමඞ් 28, ෂොයිබ් මලික් නොදැවී 43, අසීෆ් අලී නොදැවී 17, ග්ලේන් මැක්ස්වෙල් 35/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.