Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ප්‍රංශ පුවත් සහ අන්තර්ජාතික වාර්තා ඇසුරිනි)
නවදිල්ලිය ආසන්නයේ පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොයිඩා පිටියේදී පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්ථානු - නවසීලන්ත ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අදත් (11 වැනිදා) සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය. අද දිනයේ තරගය අතහැර දැමීමට සිදුවූයේ ඊයේ (අඟහරුවාදා) රාත්‍රියේ පැවැති අධික වර්ෂාව හේතුවෙනි. අද උදෑසනත් පැවැති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කළ නොහැකි විය.
මෙම ටෙස්ට් තරගය නිමාවේදී තවත් ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින නවසීලන්ත කණ්ඩායම දින තුනක් තිස්සේ නවාතැන් ගත් හෝටලයටම සිරවී සිටී.
තරගයේ විස්තර විචාරයේ නිරතව සිටින ඇන්ඩෲ ලෙනාඩ් මහතා කීවේ අද පමණක් නොව හෙට (12 වැනිදා) දිනයේත් තරගය පැවැත්වීම අවිනිශ්චිත බවත් ඇතැම් විට අනිද්දා (තරගයේ අවසන් දිනය) පැය කිහිපයක් පමණක් තරගය පැවැත්විය හැකිවීමේ අවස්ථාව ලැබිය හැකි බවත්ය.
තරගය අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතව තිබුණත් ඊට පෙරම දිනයේ ක්‍රීඩාව අතහැර දමන ලදි. දෙපිලේම ක්‍රීඩකයෝ තම තමන්ගේ හෝටල වලට වී සිටිති.
තරගයේ දින තුනක් නිමාවී ඇතත් තවමත් කාසියේ වාසිය හෝ උරගා බලා නැත. තරගයේ ආරම්භක දිනය වූ සඳුදාට පෙරදින (ඉරිදා) රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් සඳුදා සහ අඟහරුවාදා දින දෙකේදීම තරගය ආරම්භ කළ නොහැකි විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ ක්‍රීඩාංගණයේ බාහිර පෙදෙස් දැඩි සේ තෙතබරිතව තිබීමයි.
ඇෆ්ඝනිස්ථානයේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙම තරගය ඉන්දියාවේ නවදිල්ලියට මඳක් දකුණින් පිහිටි නොයිදා නගරයේදී පැවැත්වීමට තීරණය කෙරිණ.
නවදිල්ලියට මඳක් ගිණිකොණ දෙසට වන්නට පිහිටි නොයිදා හි ශහීඩ් විජේ සිං පතික් ක්‍රීඩා සංකීර්ණයට අයත් මෙම ක්‍රීඩාංගණය, බොහෝ අවස්ථාවලදී ඇෆ්ඝනිස්ථානුවන්ගේ ක්‍රීඩාංගණය ලෙසින් සලකන ලදි. ඊට හේතුව එය නවදිල්ලියේ සිට කිලෝමීටර 42 ක් පමණ දුරකින් හෙවත් පැයක පමණ කාලයකින් ළඟාවිය හැකි දුරකින් පිහිටීමයි. අනෙක් අතට නවදිල්ලිය සහ ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර අතර දිනකට ගුවන් ගමන් වාර කිහිපයක්ම ඇත.
ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කරයි. ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන සහ ඉන්දීය විනිසුරු නිටින් මෙනන් යන මහත්වරු ප්‍රධාන විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරති. තවත් විනිසුරුවරු දෙදෙනෙක් ද තරගයට නම්කර සිටිති. මේ අතර තරගය සඳහා නම්කරන ලද නිලධාරීන් අතුරින් අයෙක් පවසා ඇත්තේ මෙම ක්‍රීඩාංගණයේ තත්ත්වය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහා අවුලක්’ බවයි.
වර්ෂාවෙන් ඇතිවන තත්ත්වය පාලනය කරගැනීම සඳහා ක්‍රීඩාංගණයේ පවතින පහසුකම් කෙතරම් දුර්වල මට්ටමක ඇත්ද යන්න කියතොත්, ක්‍රීඩා පිටියේ ඇතැම් කොටස් වියළා ගැනීම සඳහා විදුලි පංකාවක් ක්‍රියාත්මක කර එය ක්‍රීඩාංගණය පුරා ගෙන යාමට සේවකයෝ උත්සුක වූහ. එහෙත් දින තුනක් ගතවී වුවද, අඩුතරමේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි විය.
ක්‍රීඩා පිටියේ හතරේ සීමාවෙන් ඇතුළත (මිඩ් විකට් කලාපය) කෙතරම් තෙතබරිත වීද යත් ක්‍රීඩාංගණ සේවකයෝ එහි වලක් කපා තෙත බරිත පස් තට්ටුව ඉවත් කර ඒ වෙනුවට වියළි පස් අතුරා ඊට උඩින් කෘතිම තණකොළ ඇතිරූහ. දිගින් දිගටම ක්‍රීඩාංගණය පරීක්ෂා කළ විනිසුරුවරු ඊයේත් (10 වැනිදා) මධ්‍යාහ්නය පසුවී මඳ වේලාවකින් තරගය අතහැර දැමූහ.
නොයිදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මුල්ම ටෙස්ට් තරගය මෙයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.