Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තෙවැනි ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
අළු බඳුන - 2023

තෙවැනි ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

editorial - 2023 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබූ එංගලන්තය, අළු බඳුන තරගාවලිය 2-1 ක් බවට පත් කිරීමට සමත් විය. මෙම තරගය පරාජයට පත්වුවද, පළමු සහ දෙවැනි තරග ජයගෙන සිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව තවමත් තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ක්‍රිස් වෝක්ස් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද, මාක් වුඩ් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 16 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ආරම්භක පිතිකරු සැක් ක්‍රොව්ලි හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක්ද, හැරී බෘක් හතරේ පහර 9 ක් සමග ලකුණු 75 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 78 කට කඩුලු 5 ක් දවාගත්තද, ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 263
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 237
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 224
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 254

(සැක් ක්‍රොව්ලි 44, බෙන් ඩකට් 23, ජෝ රූට් 21, හැරී බෘක් 75, ක්‍රිස් වෝක්ස් නොදැවී 32, මාක් වුඩ් නොදැවී 16, මිචෙල් ස්ටාක් 78/5)

 

-036


අදහස් (0)

තෙවැනි ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.