Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේ තෙවැනි දිනය (10 වැනිදා) වර්ෂාව හේතුවෙන් පන්දු 10 කට සීමා කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
වර්ෂාව හේතුවෙන් ඊයේ (9 වැනිදා) දිනයේදී එක් පන්දුවක් හෝ නොයවාම තරගය අතහැර දැමුණු අතර ක්‍රීඩාංගණයේ හතරේ සීමාව අසල කලාපය තෙත බරිත වීම හේතුවෙන් අද තරගය ආරම්භ වීමද ප්‍රමාද කෙරිණ.
දිගින් දිගටම ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පස්වරු 3.45 ට පමණ තරගය ආරම්භ කිරීමට විනිසුරුවෝ පියවර ගත් නමුත්, පන්දු 10 යැවීමෙන් අනතුරුව යළිත් වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.
වර්ෂාව නතර නොවීම නිසා පස්වරු 4.30 ට පමණ තරගයේ තෙවැනි දිනය නිමා කිරීමට විනිසුරුවෝ කටයුතු කළ අතර ඒ වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 දැවී ලකුණු 254 ක් ලබා සිටියේය.
ඒ වන විට කුසල් මෙන්ඩිස් හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. හෙට (11 වැනිදා) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.
එස්.එස්.සී. පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 254
(ෂෙවොන් ඩැනියෙල් 56, අවිෂ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.