Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තේරීම් කමිටුවට එපා වූ කුසල් නායකයාට ඕනෑ වෙයි ?

තේරීම් කමිටුවට එපා වූ කුසල් නායකයාට ඕනෑ වෙයි ?

editorial - 2024 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට නියමිතව සිටි ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්, අලුතින් නායකත්වයට පත්වූ චරිත් අසලංකගේ ඉල්ලීම මත තවදුරටත් සංචිතයේ රඳවාගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. 

ඕනෑම තරගාවලියක් සඳහා සංචිතයක් තෝරාගැනීමේදී කණ්ඩායමේ නායකයාටද තමාට අවශ්‍ය ක්‍රීඩකයකු හෝ කිහිප දෙනෙකු සංචිතයට ඇතුළත් කර දෙන ලෙස තේරීමේ කමිටුවෙන් ඉල්ලා සිටීමට අවස්ථාවක් හිමිවනු ඇත. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අසලංක තේරීම් කමිටුවෙන් මෙම ඉල්ලීම කර ඇතැයිද, තේරීම් කමිටු නිලධාරීන් ඔහුගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයිද වැඩි දුරටත් දැනගන්නට ලැබේ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 46 කදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර ඇති කුසල් එහිදී අර්ධ ශතක 14 ක් සමග ලකුණු 1395 ක් රැස්කරගෙන ඇත්තේ 31.70 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එහෙත් මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී අර්ධ ශතක 2 ක් සමග ලබාගෙන ඇත්තේ ලකුණු 359 ක් පමණි. එහිදී ඔහුගේ සාමාන්‍ය සටහන් වන්නේ 29.91 ක් ලෙසිනි. 

කෙසේ වුවත් චරිත් අසලංක නායකත්වය දරන යාපනය කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන කුසල්, එහිදී ආරම්භක පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක විය. මූලික වටයේ තරග 8 කට ක්‍රීඩා කළ ඔහු පන්දු 87 කට මුහුණ දෙමින් ලබාගත්තේ ලකුණු 106 ක් පමණි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 13.25 ක් ලෙසත්, ප්‍රහාරාත්මක වේගය 121.83 ක් ලෙසත් සටහන් විය. 

 


අදහස් (7)

තේරීම් කමිටුවට එපා වූ කුසල් නායකයාට ඕනෑ වෙයි ?
  • මංජුල Wednesday, 17 July 2024 08:57 AM

    පිතිහරඹය අසාර්ථක ක්‍රීඩකයෙක් මේ වෙලාවේ කණ්ඩායමේ තියාගෙන තරගාවලියකට යනවා නම් ඒ නායකයෙක් වෙන්න බෑ. එතැන වෙන සම්බන්ධතාවක් ඇති. තේරීම් කමිටුව ඒක හොයන්න. ඒක නිසා නායකත්වය කිසිම තරගාවලියකට මුහුණ නොදී අරයා මෙයා ඉල්ලන්න ඉස්සර වෙලා වැඩ පෙන්නන්න ඕනෑ. අනික එහෙම කියන්න තේරීම් කමිටුවටත් කොන්දක් තියෙන්න ඕනෑ. තේරීම් කමිටුවක් වුණත් පළපුරුද්ද තියෙන, කලමනාකරණය කරන්න පුළුවන්, නායකත්වයක් දරපු අය යන්න ඕනෑ. අන්තිම දේ එයාට එයා නැතිව බැරි නම් එයත් එක්කම වැලලෙන්න ඇරලා වෙන එකෙකුට නායකත්වය දීලා දාන්න ඕනෑ. මේක මේ ක්‍රිකට් පරිපාලනයේම ගේමක්. තරග විකුණන අයට අවස්ථාව දෙනවද දන්නෙත් නෑනේ...

    Reply 0       0

    Sarasi Wednesday, 17 July 2024 05:02 PM

    ඇත්ත.

    Reply 0       0

    චින්තන පීරිස් Wednesday, 17 July 2024 09:29 AM

    කොයි මොහොතේ හෝ මහා සාර්ථක වියහැකි බව අසලංකට විශ්වාස ඇති..

    Reply 0       0

    Shantha - Qatar Wednesday, 17 July 2024 10:07 AM

    අපිට නම් කවුරුවත්ම එපා වෙලා තියෙන්නේ, කෙටියෙන්ම ලංකාවේ ක්‍රිකට් කියන්නේ බනින අපිට වැඩකුත් නැහැ, ගහන අයට වැඩකුත් නෑ.

    Reply 0       0

    sam Wednesday, 17 July 2024 01:20 PM

    ඔය වගේ ජෝඩු දැන් ලංකාව පුරාම ඉන්නවනේ. එයාට මෙයා නැතුවම බැරිව ඇති. අනේ දෙන්නගේ ආසාවට අකුල් හෙලන්න එපා. ලංකාවේ ක්‍රිකට්වලට හෙණ ගැහුවත් මොකද මේ දෙන්නා එකට ඉන්නවා නම්. මේ වගේ දෙන්නෙක් දකුණු අප්‍රිකානු ගැහැණු කණ්ඩායමෙත් ඉන්නවා.

    Reply 0       0

    B Amarasinghe Wednesday, 17 July 2024 06:38 PM

    චරිත්ට නායකත්වය දීලා තියෙන්නේ කුසල්ව තෝරගන්නවා නම් විතරයි කියන කතාවත් ඇත්තද කියලාත් හිතෙනවා..

    Reply 0       0

    Mahesh Wednesday, 17 July 2024 09:17 PM

    චමරි යවන්න ඔයිට වැඩිය හොඳයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.