Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට ලකුණු 4 ක ජයක්

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට ලකුණු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර දිල්ලිහිදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් අද (2 වැනිදා) සමත්විය.

මිනිත්තු 120 ක පමණ කාලයක් වර්ෂාව හේතුවෙන් තරගය නතර කර තැබීමට සිදුවූ අතර රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායෙට අනුව ඕවර 12 කදී ලකුණු 151 ක ඉලක්කයක් හිමිවිය.

ජයග්‍රහණය සදහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ඕවර 12 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.

වේගවත් ආරම්භයක් ලබාගත් ආරම්භ පිතිකරුවන්වූ මැතිව් ශෝර්ට් සහ ජොස් බට්ලර් පළමු කඩුල්ල සදහා පන්දු 40 කදී ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ජොස් බට්ලර් පන්දු 26 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 67 ක් ද සහ මැතිව් ශෝර්ට් පන්දු 25 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ආරම්භය සාර්ථක වුවද මැද පෙළ පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් ජයග්‍රහණය දැක දැක පරාජය වැළඳ ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට සිදුවිය.

ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 17.1 කදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට කඩුලු 6 ක් දැවී ඔවුන් ලකුණු 196 ක් රැස්කර සිටියේය.

සාර්ථක ආරම්භයක් ලබාගත් ප්‍රිත්වී ෂෝ පන්දු 25 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල සදහා ශ්‍රීයාස් අයියර් සමගින් පන්දු 40 කදී ලකුණු 73 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

අර්ධ ශතක රැස්කරමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ශ්‍රීයාස් අයියර් සහ රිෂාබ් පාන්ට් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 43 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 35 කදී ලකුණු 50 ක් රැස්කිරීමට ශ්‍රීයාස් අයියර් සමත්වූ අතර පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට රිෂාබ් පාන්ට් සමත්විය.

ජයදේව් උනද්කට් පිතිකරුවන්ගේ පහර කෑමට ලක්වුවද ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත්තේය.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඕවර 17.1 කදී කඩුලු 6 ක් දැවී 196
(ප්‍රිත්වී ෂෝ 47, ශ්‍රීයාස් අයියර් 50, රිෂාබ් පාන්ට් 69, ජයදේව් උනද්කට් 46/3)


රාජස්ථාන් රෝයල් - ඕවර 12 කදී කඩුලු 5 ක් දැවී 146
(මැතිව් ශෝර්ට් 44, ජොස් බට්ලර් 67, ටේ‍රන්ට් බෝල්ට් 26/2)

- 036

 


අදහස් (0)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට ලකුණු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.