Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත්ගේ කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

දිමුත්ගේ කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

Nisanka Sandeepani - 2018 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලක අස්ථියක් බිදී යාම හේතුවෙන් මේ මාසයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා සහභාගි වීමේ අවස්ථාව අහිමි විය හැකි බව වාර්තා වේ. 

මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය සඳහා අඟහරුවාදා ( 01 ) සිය පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටියදී දිමුත් කරුණාරත්නගේ අතට පන්දුව වැදීමෙන් ඇඟිල්ලක අස්ථියක් පුපුරා ගොස් තිබේ. මේ තත්වය මත 30 හැවිරිදි දිමුත් කරුණාරත්නට මෙවර බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අහිමි වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි. 

කරුණාරතනගේ ආබාධිත තත්වය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු පරීක්ෂා කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. 

වමතින් පිත්ත හසුරුවන දිමුත් කරුණාරත්න මේ වන විට ටෙස්ට් තරග 49 කදී ලකුණු 3186 ලබා ඇත. එයට ශතක 7 ක් සහ අර්ධ ශතක 14 ක් ඇතුළත් වේ.  

 - 024

 


අදහස් (0)

දිමුත්ගේ කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.