Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි පිල අවසන් වටයෙන් ඉවතට

දිල්ලි පිල අවසන් වටයෙන් ඉවතට

Nisanka Sandeepani - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබීමත් සමඟ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට මෙවර අයි.පීඑල්. තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. 

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමි වූ පළමු කණ්ඩායම බවට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පත්වූ අතර මෙතෙක් සහභාගි වූ තරග 11 න් ඔවුන්ට ජයගත හැකි වූයේ තරග 3 ක් පමණි. ඉතිරි තරග 8 දීම දිල්ලි කණ්ඩායම පරාජයට පත් විය. 

හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම වරෙක ලකුණු 43 කට කඩුලු 3 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටි අතර රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී ශතකය හමුවේ ඕවර 20 නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබාගැනීමට ඔවුන්ට හැකි විය. 

කෙසේ වුවත් පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දැඩි ලෙස පහර කෑමකට ලක්වීම නිසා එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීමට දිල්ලි කණ්ඩායමට නොහැකි විය. ඒ අනුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එම තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිවිය. 

දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී පසුබෑමකට ලක්වීමට ප්‍රධාන හේතුව සිය කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රධානම වේග පන්දු යවනන්නන් දෙනෙක් වන කගිසෝ රබාඩා සහ ක්‍රිස් මොරිස් විවිධ අබාධයන් හේතුවෙන් තරගාවලියට සහභාගි නොවීම බව එම කණ්ඩායමේ හිමිකරුවන් පවසයි. 

-036 


අදහස් (0)

දිල්ලි පිල අවසන් වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.