Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් නැවතත් ටෙස්ට් සංචිතයට එයි

දිමුත් නැවතත් ටෙස්ට් සංචිතයට එයි

ශනුක අරවින්ද - 2018 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න කැඳවීමට මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ආබාධ තත්වයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචාරයට එක් නොවූ දිමුත්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දරමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සිවුදින තරගයේදී යළිත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණයේය. ඉකුත් සති අන්තයේදී ජය පරාජයෙන් තොරව අවසන් වූ එම තරගයේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (60) ලබාගත් දිමුත්, දෙවැනි ඉනිමේදී ශතකයක් (161) ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.

පන්දුව පළුඳු කිරීමේ වරදට ලැබුණ තරග තහනමක් හේතුවෙන් කොදෙව් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියේදී නැවතත් සිය භූමිකාවට පිවිසීමට  සූදානමින් සිටියි.

කොදෙව් සංචාරයේ පළමු තරගයට සහභාගි වීමෙන් අනතුරුව සිය පෞද්ගලික හේතුවක් මත දෙවැනි සහ තෙවැනි තරගවලට සහභාගි වීමෙන් වැළකී පෙරළා දිවයිනට පැමිණි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද, මෙම තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්ව සිටියි.

කොදෙව් සංචාරය අතරතුර ආබාධවලට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් සහ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහාද නම් කරනු ලැබ සිටිති. එහෙත් ඔවුන් ඊට එක්වන්නේද නැද්ද යන්න ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පරික්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන සෙසු ක්‍රීඩකයෝ වෙති. ඔවුන් අතරින් කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල කොදෙව් තරගාවලියේදී ලකුණු අතරට පිවිසියද, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා තරමක පසුබෑමකට ලක්වූ බවක් දක්නට ලැබිණ.

රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ අකිල ධනංජයගෙන් සමන්විත ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය ලක්ෂාන් සඳකැන්ගේ එක්වීමත් සමග තවත් ශත්කිමත් වී තිබේ. උප නායක සුරංග ලක්මාල්ට අමතරව කොදෙව් සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ළහිරු කුමාර සහ කසුන් රාජිත මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නෝ ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා සංචිතය  
දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගල හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ළහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත

අතිරේක ක්‍රීඩකයෝ
අසිත ප්‍රනාන්දු, දසුන් ශානක සහ මාලින්ද පුෂ්පකුමාර  

 


අදහස් (0)

දිමුත් නැවතත් ටෙස්ට් සංචිතයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.