Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 287 ක් ලබාගත්තේය.
තරගයේ ආරම්භක දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානු පිලේ කඩුල්ලක් ලකුණු 4 කට ඇද වැටී තිබිණ.
වරෙක කඩුලු 2 කට ලකුණු 115 ක් ලබා ස්ථාවර තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 20 ක් ඇතුළත කඩුලු 5 කට 120 ක් සේ ඇද වැටුණ නමුත් දිමුත්ගේ තැන්පත් පිතිහරඹය හේතුවෙන් අවසන් කඩුලු 5 ට තවත් ලකුණු 168 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය.
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමේදී නායක සුරංග ලක්මාල් සමගින් එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කරුණාරත්න අවසන් පිතිකරුවා වූ ලක්ෂාන් සඳකැන් සමගින් එක්ව තවත් ලකුණු 63 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කාසු කළේය. මෙම පිතිකරුවන් දෙදෙනා සමග ලකුණු රැස්කීමේදී පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාව තමන් වෙත රඳවාගත් දිමුත් කරුණාරත්න අවසන් කඩුලු දෙකේදී ශ්‍රී ලංකා පිලට එක්වූ ලකුණු 111 න් ලකුණු 65 කම හිමිකරුවා විය.
මෙම තරගයේදී නොදැවී සිටිමින් ටෙස්ට් තරගයක ඉනිම ආරම්භ කර ඉනිම අවසන් වන තුරුම නොදැවී සිටි සිවුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසින්ද කරුණාරත්න වාර්තා පොතට එක්විය. එවන් දස්කමක් කළ සෙසු ශ්‍රී ලාංකික පිතිකරුවන් වන්නේ සිදත් වෙත්තමුණි, මාවන් අතපත්තු සහ රසල් ආනල්ඞ් තිදෙනාය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් බංග්ලාදේශයේදී පැවැති නිල නොවන ටෙස්ට් තරගාවලියට ගොස් සිටි කරුණාරත්න හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවන ලද්දේ දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙනි. තමන්ට පැවරුණු වගකීම අකුරටම ඉටුකළ වමත් ආරම්භක පිතිකරුවා පැය හයකය වැඩි කාලයක් කඩුල්ල රැකගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සහනදායී ස්ථානයට කැඳවාගෙන ආවේය. ඒ අතරවාරයේදී පන්දු 222 කට මුහුණ දුන් කරුණාරත්න එයින් 14 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.
කඩුලු 2 කට ලකුණු 93 ක් ලබා සිටියදී දිවා ආහාරය ගැනීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 161 ක් ලබා සිටියේය. මැද පෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී කණ්ඩායමේ බර කරට ගනිමින් හුදෙකළා සටනක නිරත වූ දිමුත් පස්වරු 2.20 ට ඇදහැළුණු වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට නොදැවී ලකුණු 80 ක් ලබා සිටියේය.
තේ පානයෙන් පසුව ඔහුගේ පිතිහරඹයේ ඉතාමත් අගනා කොටස දැකගත හැකිවිය. ටෙස්ට් තරග 50 කදී 8 වැනි ශතකය ලබාගත් දිමුත් කරුණාරත්න එම අවස්ථා අටෙන් 4 කදීම ලකුණු 150 සීමාව පසුකර තිබේ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉහළින්ම තැබිය හැකි පන්දු යවන්නන් කිහිප දෙකකු හමුවේ සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිටියදී කුසල් මෙන්ඩිස් දවාගත් ඬේල් ස්ටේන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. මේ අවස්ථාවේදී පන්දුව ඉල්ලා ගත් කගීසෝ රබාඩා ලකුණු 4 ක් ඇතුළත ඇන්ජලෝ මැතිව්ස් සහ රොෂේන් සිල්වා යන දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම අනපේක්‍ෂිත අමාරුවක දැමීය.
ටෙස්ට් පන්දු යවන්නන්ගේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 හිමි කගීසෝ රබාඩාගේ තුන්වැනි පන්දු යැවීමේ වාරය සටහන් වූයේ 4-1-18-2 ක් ලෙසිනි. යම් හෙයකින් ඔහුගේ ඊළඟ පන්දු ඕවරයේදී නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ලත් හිමිවූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ හයවැනි කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු සංඛ්‍යාව 121 දීය.
කඩුල්ලට පිටතින් පැමිණ පන්දු යවමින් සිටි රබාඩාගේ පන්දුවක් නිරෝෂන් දික්වැල්ලගේ පා ආවරණයේ වදින අවස්ථාවේදී ඔහු හිටියේ කඩුල්ල මුවාකරගෙන බව පන්දුවේ ගමන්මග නිර්ණය කෙරෙන රූපවාහිනී තාක්‍ෂණයෙන් පෙනෙන්නට තිබිණ. එහෙත් එම අවස්ථාවේදී දික්වැල්ලගේ පා ඉන්නට පිටතින් පන්දුව පතිත වූ බැවින් ක්‍රිකට් පොතේ නීති රීති අනුව වමත් පිතිකරුවාට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිය හැකි විය.
දික්වැල්ල - දිමුත් සම්බන්ධතාව ලකුණු 42 ක් වෙද්දී තබ්රේෂ් ශම්සිගේ පන්දුවක් හමුවේ නිසි තීරණයකට නොපැමිණ, අඩමානයට ගැසූ පහරකින් දික්වැල්ල සිය කඩුල්ල අහිමි කරගත්තේය.
නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයට සහභාගි නොවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන්නන් වන රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් යන තිදෙනාම කැඳවා සිටිති. බටහිර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ ළහිරු කුමාරට ස්ථානය අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම තනි වේග පන්දු යවන්නකුගෙන් මෙම තරගයට පිවිසීමට අදහස් කර ඇති බැවිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය 7 : 4 ක් වන බැවින් ළහිරු කුමාරට ස්ථානය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට කැඳවූවද දකුණු අප්‍රිකානුවෝ වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් ක්‍රීඩා කරති. වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා සහ ඬේල් ස්ටේන් තිදෙනාම මෙම තරගයට කැඳවා සිටින අතර දකුණු අප්‍රිකානුවන්ගේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය 6 : 5 කි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.