Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනේෂා දිල්රුක්ෂි පළමු අදියර දිනයි

දිනේෂා දිල්රුක්ෂි පළමු අදියර දිනයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් සංවිධානය කරනු ලබන එස්.එල්.ටී. ස්පීඞ් අප් පාපැදි සවාරියේ කොළඹ සිට කෑගල්ල දක්වා අද (7 වැනිදා) පැවති කාන්තා සවාරියේ පළමු අදියර ජයගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ දිනේෂා දිල්රුක්ෂි සමත් වූවාය. මෙම අදියරේ සුවිශේෂත්වය නම් පළමු ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ස්ථාන දිනාගත් සියලුම ක්‍රීඩිකාවන් ගුවන් හමුදාව නියෝජනය කිරීමයි.

එහි දෙවැනි ස්ථානය සුදාරිකා ප්‍රියදර්ශනී විසින්ද, තෙවැනි ස්ථානය නිරෝෂනී පෙරේරා විසින්ද දිනාගන්නා ලදහ. මෙහිදී පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය අතර විශාල කාල පරතරයක පැවති අතර, ජයග්‍රාහිකාව වූ දිනේෂා වේයන්ගොඩ සිටම සිය කණ්ඩායමෙන් මිදී අදියර අවසාන වූ කෑගල්ල දක්වා තනිවම පැමිණියාය.

කි.මී 84ක දුරකින් සමන්විත වූ මෙම අදියර කොළඹ කොටුවෙන් ආරම්භ වුවද, එය වත්තල හන්දිය දක්වා පැවැතියේ ප්‍රාරම්භක අදියරක් ලෙසිනි. තරගය නිල වශයෙන් ආරම්භ වූයේ වත්තල හංදියේ සිටය. එතැන් සිට ජාඇල, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, පස්යාල, වරකාපොල, ගලිගමුව නගර පසුකරමින් කෑගල්ලේ ශ්‍රී ලංකා ටෙලිකොම් කෑගල්ල කාර්යාලය අසලින් අදියර නිමාවට විය.

කි.මී. 175 කින් සමත්විත කාන්තා පාපැදි සවාරියේ දෙවැනි හා අවසන් අදියර අද (08දා) කෑගල්ලේ සිට කුලියාපිටිය දක්වා පැවැත්වේ. එය කෑගල්ලේ රංවල හංදිය, දේවාලේගම, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල, පුත්තලම හන්දිය, වාරියපොල වටරවුම හරහා කුලියාපිටිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අසලින් අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේ කාන්තා තරගයක් අදියර දෙකක් (දෙදිනක්) යටතේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

 


අදහස් (0)

දිනේෂා දිල්රුක්ෂි පළමු අදියර දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.