Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි පිල ලකුණු 37 කින් ජයගනී

දිල්ලි පිල ලකුණු 37 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර දිල්ලිහිදී අද (23) පැවැති තරගයෙන් දිල්ලි ක‍්‍රීඩකයෝ ලකුණු 37 ක ජයක් ලැබූහ.  

ජයග‍්‍රහණය ස`දහා ලකුණු 191 ක ඉලක්කය හඹාගිය මුම්බායි පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 153 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස්  ඕවර දෙකක් යවා ලකුණු 15 කට කඩුලූ 2 ක් දවා ගැනීමට සමත් විය. දිල්ලි පිල පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 190 ක් රැස්කිරීමට සමත් විය.

ශරියාස් අයියර් (83) සහ ජේ. පී. ඩුමිනි (නොදැවී 78) දෙවැනි කඩුල්ලට ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් දිල්ලි පිල ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 8 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 17 ක් රැස් කළේය.

මෙවර තරගාවලිය පුරාම දිල්ලි පිල වෙනුවෙන් ලකුණු අතර සිටින ශරියාස් අයියර් පන්දු 57 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 83 ක් රැස් කිරීමට සමත් විය.

නායක ජේ. පී. ඩුමිනි පන්දු 50 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස් කළේය. ලසිත් මාලිංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර හතරේදී ලකුණු 23 කට ශරියාස් අයියර් දවා ගැනීමට සමත් විය.

මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 190
(ශරියාස් අයියර් 83, ජේ. පී. ඩුමිනි නොදැවී 78, ඇන්ජලෝ මැතිව්ස් 17, මිචෙල් මැක්ලිගන් 38/2)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 යේදී කඩුලූ 9 ට 153
(ලිඞ්ල් සීමන්ස් 15, පර්තිව් පටෙල් 28, උන්කුට් චාන්ද් 14, රෝහිත් ශර්මා 30, අම්බාටි රයිදු 30, අමිට් මිෂ්රා 32/2, ඉම්රාන් තාහිර් 22/3)

 


- 048


අදහස් (0)

දිල්ලි පිල ලකුණු 37 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.