Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි පිලට කඩුලූ 9 ක පහසු ජයක්

දිල්ලි පිලට කඩුලූ 9 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර දිල්ලිහිදී අද (01) පැවැති දිනයේ පළමු තරගයෙන් දිල්ලි පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

දිල්ලි පිල ලකුණු 119 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 13.5 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

දිල්ලි ආරම්භක පිතිකරුවන් වූ මයාන්කර් අගාවල් (නොදැවී 52) සහ ශරියාස් අයියර් (54) ලකුණු 106 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.

මෙහිදී තිසර පෙරේරා යැවූ  ඕවර දෙකට ලකුණු 22 ක් රැස්කිරීමට දිල්ලි ආරම්භක පිතිකරුවන් යුගළ සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඬේවිඞ් මිලර් පන්දු 41 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්  ඕවර තුනක් යවා ලකුණු 19 ක් ලබා දුන්නේය.

පංජාබ් පිලේ පළමු කඩුලූ හතර ලකුණු 10 කට බිද වැටුණි. නායක ජෝජ් බේලි ලකුණු 18 කට දැවී යෑමත් සමඟ ලකුණු 37 කට කඩුලූ 5 ක් බවට පත්විය.

තිසර පෙරේරා පන්දු 7 කදී ලකුණු 3 ක් ලබා හයවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  
දිල්ලි පිලේ නායක ජේ. පී. ඩුමිනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

පංජාබ්  පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 118
(ජෝජ් බේලි 18, ඬේවිඞ් මිල්ර් 42, අෂාර් පටෙල් 22, සහීර් ඛාන් 17/2, කූල්ටර් නයිල් 20/4)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 13.5 කදී කඩුලූ 1 ට 119
(මයාන්කර් අගාවල් නොදැවී 52, ශරියාස් අයියර් 54)


- 048


අදහස් (0)

දිල්ලි පිලට කඩුලූ 9 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.